XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ස්වැප් ගණක යන්ත්‍රය

ස්වැප් අනුපාතය යනු position එකක් රාත්‍රියෙහි විවෘතව තැබූ විට XM සේවාදායකයාගේ ගිණුමට බැර කරන හෝ එයින් හර කර ගනු ලබන rollover පොලී අනුපාතයකි. Position එකක් rollover කරන විට සතියේ සෑම දිනකම එක් වරක් ස්වැප් අනුපාතය බැර හෝ හර කරනු ලැබේ. ඒ බදාදා දින හැරුණු කොට එයට තෙවරක් මුදල් බැර කර හෝ එයින් මුදල් හර කර ගත් විටය (එනම් වෙළඳ දින 5කදී ස්වැප් 7ක්).

අපගේ ස්වැප් ගණක යන්ත්‍රය තුළින් ඔබට ඔබේ open positions හි මුදල් යුගළයෙහි මුදල් වර්ග දෙක අතර පොලී අනුපාත අවකලනය ගණනය කළ හැකිය.

ඔබේ ගිණුමේ පාදක මුදල ඇතුළත් කරන්න, මුදල් යුගළය තෝරන්න, ගිණුම් වර්ගය, ලොට්වලින් වෙළඳ ප්‍රමාණය (trade size) සහ ලෙවරේජය ඇතුළත් කරන්න.

ගණනය කිරීම සිදු වන්නේ පහත පරිදිය:

ස්වැප් = (පොයින්ට් එකක් / විනිමය අනුපාතය) * වෙළඳ ප්‍රමාණය (ලොට් ප්‍රමාණය) * පොයින්ට්වලින් ස්වැප් අගය

උදාහරණය:

පොයින්ට් එකක්: 0.00001
ගිණුමේ පාදක මුදල: EUR
මුදල් යුගළය: EUR/USD
විනිමය අනුපාතය: 1.0895 (EUR/USD)
ලොට්වලින් පරිමාව: 5 (ස්ටෑන්ඩර්ඩ් ලොට් එකක් = ඒකක 100,000)
Short ස්වැප් අනුපාතය: 0.15

ස්වැප් අගය = (0.00001 / 1.0895) * (500,000 * 0.15)
ස්වැප් අගය €0.69 වේ

*ප්‍රතිඵලය ඍණ නම් ඔබේ ගිණුමෙන් හර කරනු ලබන අතර එය ධනාත්මක නම් ඔබේ ගිණුමට මුදල් බැර කරනු ලැබේ.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.