XM හි පවත්නා බහු වත්කම් වෙළඳ ගිණුමක් යනු ඔබේ බැංකු ගිණුමට සමාන අයුරින් ක්‍රියා කරන ගිණුමකි. නමුත් ඒ අතර පවත්නා වෙනස වන්නේ එය මුදල්, කොටස් දර්ශක CFD, කොටස් CFD මෙන්ම ලෝහ සහ බලශක්ති මත CFD වෙළඳාම් කිරීමේ අරමුණින් නිකුත් කිරීමයි.
ඉහත වගුවේ දැක ගත හැකි ආකාරයට ඔබට Ultra Low Micro, Ultra Low Standard හෝ XM Zero බහු වත්කම් වෙළඳ ගිණුම් විවෘත කළ හැකිය.
බහු වත්කම් වෙළඳාම සිදු කළ හැක්කේ ඔබට XM WebTrader වෙතද ප්‍රවේශ වීමට ඉඩ සලසන MT5 ගිණුම්වල පමණක් බව කාරුණිකව සලකන්න.
සාරාංශයක් ලෙස, ඔබේ බහු වත්කම් වෙළඳ ගිණුමේ පහත සඳහන් ඒවාද ඇතුළත් වෙයි.
- 1. XM සාමාජික අවකාශයට පිවිසීම
- 2. අනුරූප වෙළඳ වේදිකාවට (වේදිකාවලට) පිවිසීම
- 3. XM WebTrader වෙත පිවිසීම
ඔබේ බැංකුව සේම, ඔබ පළමු වරට XM සමග බහු වත්කම් වෙළඳ ගිණුමකට ලියාපදිංචි වීමේදී ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ (Know your Customer) සරල ක්‍රියාවලියකට මුහුණ දීමට ඔබෙන් ඉල්ලීම් කෙරෙනු ඇත. එය ඔබ ඉදිරිපත් කර ඇති පෞද්ගලික තොරතුරු නිවැරදි බව සහතික කර ගැනීමට සහ ඔබේ අරමුදල්වල සහ ඔබේ ගිණුම් විස්තරවල ආරක්ෂාව සහතික කිරීමට XM හට ඉඩ සලසයි. ඔබ දැනටමත් වෙනත් XM ගිණුමක් පවත්වා ගෙන යන්නේ නම් අපගේ පද්ධතිය විසින් ඔබේ විස්තර ස්වයංක්‍රීයව හඳුනා ගන්නා බැවින් ඔබ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ සත්‍යාපන ක්‍රියාවලියට මුහුණ දීම අවශ්‍ය නොවන බව කාරුණිකව සලකන්න.
වෙළඳ ගිණුමක් විවෘත කිරීමෙන්, XM සාමාජික අවකාශයට ප්‍රවේශය සපයන ඔබේ පිවිසුම් තොරතුරු ස්වයංක්‍රීයව ඔබට ඊමේල් කෙරෙනු ලැබේ.
XM සාමාජික අවකාශය යනු අරමුදල් තැන්පත් කිරීම හෝ ආපසු ගැනීම, අනන්‍ය ප්‍රවර්ධන දැක ගැනීම සහ ඒවාට හිමිකම් කීම, ඔබේ පක්ෂපාතිත්වය පරික්ෂා කිරීම (loyalty status), open positions පරික්ෂා කිරීම, ලෙවරේජ් වෙනස් කිරීම, සහාය ලබා ගැනීම සහ XM වෙතින් ලබා දෙන වෙළඳ මෙවලම්වලට පිවිසීම ඇතුළු ඔබේ ගිණුමේ කාර්යයන් කළමනාකරණය කෙරෙන ස්ථානයයි.
අප සේවාදායකයින්ට ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් කළමනාකරුවන්ගෙන් සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවකින් තොරව ඕනෑම වේලාවක ඔවුන්ගේ ගිණුම්වලට වෙනස්කම් හෝ එකතු කිරීම් සිදු කිරීමට වැඩි වැඩියෙන් නම්‍යශීලී බවක් ලබා දෙමින් සේවාදායකයාගේ සාමාජික අවකාශය තුළ අපගේ පිරිනැමීම් සපයනු ලබන අතර නිරතුරුවම ඉහළ යන ක්රියාකාරීත්වයන්ගෙන් පොහොසත් වේ.
ඔබේ බහු වත්කම් වෙළඳ ගිණුමේ පිවිසුම් තොරතුරු ඔබේ ගිණුමේ වර්ගයට ගැළපෙන වෙළඳ වේදිකාවේ පිවිසුමකට අනුරූප වන අතර ඒ අවසාන වශයෙන් ඔබ ඔබේ වෙළඳාම් සිදු කරන ස්ථානයයි. ඔබ සාමාජික අවකාශය හරහා සිදු කරන ඕනෑම තැන්පතුවක් සහ/හෝ මුදල් ආපසු ගැනීමක් හෝ සැකැස්මෙහි සිදු කරන වෙනත් වෙනස්කම් ඔබේ අනුරූප වෙළඳ වේදිකාවේ පෙන්නුම් කරයි.