XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

කොටස් මත වෙළඳ තත්ත්වයන්

ගනුදෙනුවකට $1ක අවම කොමිස් සමගින්, සියලුම එක්සත් ජනපද කොටස් සඳහා ගාස්තුව එක් කොටසකට (share) කොමිස් $0.04ක් වේ.

ගනුදෙනුවකට $9ක අවම කොමිස් සමගින්, සියලුම එක්සත් රාජධානි කොටස් සඳහා ගාස්තුව ගනුදෙනුවකට කොමිස් 0.10%ක් වේ.

ගනුදෙනුවකට $5ක අවම කොමිස් සමගින්, සියලුම ජර්මන් කොටස් සඳහා ගාස්තුව ගනුදෙනුවකට කොමිස් 0.10%ක් වේ.

මාසයේ සෑම තෙවන සිකුරාදාවකම, 12:10 සහ 12:16 GMT+2 කාල කලාපය අතර එක්සත් රාජධානියේ කොටස්හි (shares) වෙළඳ හෝරාවල විවේක කාලයක් පවතිනු ඇත. (DST යෙදිය හැකි බව සලකන්න).

කැලැන්ඩර දින දක්වා ඇති අතර ඒවා වෙනස් වීම්වලට භාජනය විය හැකිය.

කොටස් (shares) මත ලාභාංශ ගැලපුම

කොටස් (shares) ලාභාංශ ගැළපුම් සඳහා භාජනය වේ.

සමාගමක් තම කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන විට, එය අත්‍යවශ්‍යයෙන්ම ලාභාංශ ප්‍රමාණයෙන් සමාගමේ වටිනාකම අඩු කරයි.

Ex-dividend දිනයේ (සමාගමේ කොටස්, ලාභාංශයේ වටිනාකමින් තොරව වෙළඳාම් කිරීම ආරම්භ කරන දිනය) විවෘත වෙළඳපොළෙහි කොටස් මිල අඩු වීම මගින් මෙය පිළිබිඹු වේ.

ලාභාංශයක් ගෙවන කොටසක් ඔබ දරන්නේ නම්, එවිට ex-dividend දිනයේදී ඔබට පසු බදු (after-tax) මුදලක් බැර කරනු ලැබේ.

ලාභාංශ සඳහා අදාළ බදු අනුපාත පහත පරිදි වේ.

ජර්මනිය: 25%

එක්සත් රාජධානිය: 0% (එනම් ලාභාංශ මත බද්දක් අදාළ නොවේ)

එක්සත් ජනපදය: 30%

ඔබේ long position සඳහා පහත පරිදි ගණනය කරනු ලබන මුදලක් හිමිවේ.

ලාභාංශ ගැලපීම = ප්‍රකාශ කරන ලද කොටස් (stock) ලාභාංශ x කොටස් වලින් (shares) position ප්‍රමාණය x (1 - අදාළ බදු අනුපාතය)

එක්සත් ජනපදය: 30% (සාමාන්‍යයෙන්, එක්සත් ජනපද රෙගුලාසි යටතේ සියලුම පුද්ගලයින් 30%ක රඳවා ගැනීමේ බද්දකට යටත් වේ. කෙසේනමුත්, ඔබට අඩු කළ රඳවා ගැනීමේ බදු අනුපාතයකට හිමිකම් දිය හැකි, සුදුසුකම් ඇති ඇතැම් රටවල් සමග එක්සත් ජනපදය බදු ගිවිසුම් අත්සන් කර ඇත. ඔබ යටත්ව ඇති ගිවිසුමට අනුව අපට අදාළ අනුපාත යෙදවීමට, අවශ්‍ය ලේඛනය, එනම් W-8BEN පෝරමය ඔබෙන් ලබා ගැනීමට XM හට වගකීමක් තිබේ)

ආයතනික සිදුවීම්

පහත වගුවෙන් ඔබට මෙම සතියේ ආයතනික ක්‍රියා සිදු කිරීමට අපේක්ෂා කරන සියලුම උපකරණවල සංකේත නැරඹිය හැකිය. පහතින් දක්වා ඇති සියලු සටහන් අපගේ ද්‍රවශිලතා සපයන්නන්ගේ අපේක්ෂාවන් නිරූපණය කරන අතර වෙනස් වීම් වලට භාජනය විය හැකිය.

 

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

01/08/2024

දිනය උපකරණය ලාභාංශ මුදල
01/08/2024 Lloyds_sh 0.0106

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.