XM පකිස්තානයේ SPRW සංවිධානයට සහාය සලසයි

පළ කළ දිනය: 15/05/2023 18:00 GMT. වැඩිදුරටත් කියවන්න CSR

XM රාමසාන් වෙනුවෙන් සහරා මහජන අයිතිවාසිකම් සුභසාධක සංවිධානයට (Sahara Public Rights Welfare Organization) සහාය දක්වයි.

XM හි පවත්නා සමාජ සත්කාර ප්‍රයත්නයේ කොටසක් ලෙස අපි SPRW මධ්‍යස්ථානයේ රෝගීන්ගේ මූලික අවශ්‍යතාවන් සහ වෛද්‍ය අවශ්‍යතා ආවරණය කිරීම සඳහා සිල්ලර බඩු සහ මුදල් යන දෙකම පරිත්‍යාග කළෙමු.

1988 වසරේ ආරම්භ කරන ලද සහරා මහජන අතිවාසිකම් සුභසාධක සංවිධානය (Sahara Public Rights Welfare Organization) වසර 30කට අධික කාලයක් ප්‍රදේශයේ රෝගීන්ට, වැඩිහිටියන්ට, ශාරීරික සහ මානසික ආබාධ සහිත පුද්ගලයින්ට සහ ළමුන්ට ආධාර සපයයි. ආරම්භයේ සිටම එය සැලකිය යුතු පුද්ගලයින් පිරිසකට සුභසාධක සේවා සපයන්නා වූ තරමක් විශාල සංවිධානයක් දක්වා වර්ධනය වී ඇත.

දිනපතා රැකවරණය, වෛද්‍ය සත්කාර, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකරකම් මෙන්ම වැඩිහිටි රෝගීන් සඳහා නවාතැන් පහසුකම් සපයන පකිස්ථානයේ කරච්චි නගරයේ පිහිටි Sahara Village වැඩිහිටි නිවාසය වෙත අපි ගියෙමු.

අප එහි ගත කළ කාලය අතිශයින් ප්‍රයෝජනවත් විය. අපි අනාගතයේදීද සහරා මහජන අයිතිවාසිකම් සුභසාධක මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන්නෙමු. ඔබට ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් මෙතනින් සිදු කළ හැකිය.