ඔටිසම් දිනය සඳහා XM නිල් පැහැයෙන් ආලෝකමත් කරයි

පළ කළ දිනය: 10/04/2023 15:03 GMT. වැඩිදුරටත් කියවන්න CSR

XM 2023 අප්‍රේල් 2 වන දින ලිමාසොල්හි අපගේ කාර්යාලය ආලෝකමත් කර ඔටිසම් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයට සම්බන්ධ විය. Cyprus Autistic Association සඳහා අප ලබා දෙන වාර්ෂික පරිත්‍යාගයන්වලට අමතරව කණ්ඩායමේ සාමාජිකයින් බොහෝ දෙනෙක් මෙම අවස්ථාව සඳහා නිල් පැහැයෙන් සැරසී පැමිණ සිටියහ.

එය අපි ලෝක ඔටිසම් පිළිබඳ දැනුම්වත් කිරීමේ දිනය වෙනුවෙන් අපගේ සහයෝගය ලබා දුන් දෙවන වසර වූ අතර ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් තේරුම් ගැනීම සහ පිළිගැනීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගත් Autism Speaks නම් සංවිධානය විසින් එය මෙහෙයවනු ලැබේ. මෙම වසරේ අපගේ සහභාගීත්වය ගරු Andri Anastasiadis ආර්යාවගේ අනුග්‍රහය යටතේ සිදුවූ අතර දිවයිනේ බොහෝ ස්මාරක සහ අනෙකුත් ගොඩනැගිලි නිල් පැහැයෙන් ආලෝකමත් කරන ලදි.

වාර්ෂික “නිල් පැහැයෙන් ආලෝකමත් කිරීමේ” වැඩසටහන, ඔටිසම් ප්‍රේක්ෂාවලි ආබාධය හෙවත් මනෝ වික්ෂිප්තභාවය (ASD) පිළිබඳ දැනුම්වත් බව ඉහළ නැංවීම අරමුණු කර ගෙන පැවැත්වෙයි. මන්දයත්, බොහෝවිට ඝෝෂාකාරී සහ කාර්යබහුල ලෝකයක, ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා සන්සුන් සහ පිළිගැනෙන වාතාවරණයක් මෙම පැහැයෙන් අදහස් කරන බැවිනි. ඔටිසම් යන වචනය “තමා” යන අදහස ගෙන එන autos නම් ග්‍රීක වචනයෙන් සෑදී ඇති අතර ඔටිසම් යන්නෙන් “තනිකම” අදහස් වෙයි.

ඔටිසම් ප්‍රේක්ෂාවලි ආබාධය ලෝකයේ වැඩි වන ප්‍රවණතාවයක් සහිත වර්ධන තත්ත්වයන්ගෙන් එකක් වන අතර මේ වන විට ළමුන් 68 දෙනෙකුගෙන් 1 අයෙකු මෙම ආබාධයෙන් පෙළේ. ඔටිසම්වලින් පෙළෙන බව හඳුනා ගන්නා පිරිමි ළමුන් ගණන ගැහැනු ළමුන්ට වඩා 5 ගුණයකින් වැඩි අතර සාමාන්‍යයෙන් මෙය වයස අවුරුදු 3ට පෙර පෙන්නුම් කරයි. මෙය කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාරවලට යොමුවීම හරහා මෙම දරුවන්ගේ ජීවිත සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට ගෙන යා හැකිය.

Cyprus Autistic Association පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයක් සිදු කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න.