සිංගප්පූරුවේ වැඩිහිටියන්ට ගුණාත්මක දිවියක්

පළ කළ දිනය: 23/03/2023 14:55 GMT. වැඩිදුරටත් කියවන්න CSR

අපි නැවත වරක් තනිව ජීවත් වන වැඩිහිටි පුද්ගලයින්ට සහාය වීමට සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය සමග එක් වූවෙමු. එහිදී අපි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඔවුන්ට සතුටින් කාලය ගත කිරීම පිණිස සංග්‍රහයන් සිදු කළෙමු.

සිංගප්පූරුවේ වැඩිහිටියෝ 88,000කට අධික සංඛ්‍යාවක් ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙකු නොමැතිව තනිව ජීවත් වෙති. වැඩකටයුතු සිදු කර ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට නැවුම් ආහාර ලබා ගැනීම ඇතුළු විවිධ අභියෝගවලට ඔවුහු එදිනෙදා ජීවීතයේදී මුහුණ දෙති.

ඔවුන්ගේ බර ලිහිල් කිරීම පිණිස අපි රතු කුරුස සංවිධානයේ ElderAid වැඩසටහනට සහාය ලබා දුන්නෙමු. වැඩිහිටියන්ට නිරෝගීව සහ සතුටින් සිටීමට උපකාර කිරීම සඳහා අපි ප්‍රථමාධාර සහ එදිනෙදා භාවිතයට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම රසවත් සංග්‍රහයන් ඇතුළු පෝෂණ අතිරේක සහ වෛද්‍ය සැපයුම් ලබා දුන්නෙමු.

ElderAid වැඩසටහන අවදානම් තත්ත්වයන්වල සිටින වැඩිහිටියන්ගේ අවදානම් තත්ත්ව සහ තනිකම අවම කිරීම අරමුණු කර ගෙන ඇත. මෙම වැඩිහිටි උදවියට සහාය වීම පිණිස ස්වේච්ඡාවෙන් කටයුතු කරන පුද්ගලයෝ මෙම වැඩිහිටි නිවාසවලට පැමිණෙති. ඔවුන් සමග එකට ගත කරන කාලය මානසික සෞඛ්‍ය ගැටලු සහ තනිකම සම්බන්ධ රෝග අවධානම අඩු කිරීමට උපකාරී වේ.

වයසට යාම, අඩු ජීවන තත්ත්වයකට සමාන විය යුතු නැත. මිනිසුන්ට උපකාරය අවශ්‍යම මොහොතේ ඔවුනට උපකාර වන පුණ්‍යායතන සමග එකට කටයුතු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අපි සතුටට පත් වන්නෙමු. මෙම වැඩසටහනට සහාය ලබා දීමට ඔබත් කැමතිද? පරිත්‍යාගයක් සිදු කිරීම හෝ ස්වේච්ඡා සේවකයෙකු වශයෙන් ලියාපදිංචිය සිංගප්පූරු රතු කුරුස සංවිධානයේ වෙබ් අඩවියෙන් සිදු කළ හැකිය.