වියට්නාමයේ අවශ්‍යතා ඇති ළමුන්ට XM සහාය වෙයි

පළ කළ දිනය: 31/10/2022 16:30 GMT. වැඩිදුරටත් කියවන්න CSR

වරප්‍රසාද නොලත් ළමුන්ට ඔවුන්ගේ තත්ත්වයන් නොසලකා ගුණාත්මක අධ්‍යාපනයකට ප්‍රවේශය සැලසීමට වියට්නාමයේ හෝ චී මින් නගරයේ ළමා සුභසාධක සංගමයට (HCWA) XM මෑතකදී පරිත්‍යාගයන් සිදු කරන ලදි.

ඔවුන්ගේ මීළඟ ආහාර වේල ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද, හිසට සෙවනක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සිතමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන ළමුන් වියට්නාමය පුරා වීදිවල දැක ගත හැකිය. නිතැතින්ම ඔවුන්ට අවශ්‍ය කරන්නේ ආරක්ෂාවක්, උණුසුම් වැළඳගැනීමක් සහ යහපත් අනාගතයක් උදෙසා අවස්ථාවකි.

මෙම ළමුන්ට තදබල ලෙස අවශ්‍ය කරන්නා වූ ආරක්ෂාව, අධ්‍යාපනය සහ සහාය HCWA විසින් සපයනු ලබයි. ඔවුන් මෙම දරුවන්ගේ අධ්‍යාපනයට ඇති බාධා ඉවත් කරන අතර ඔවුන්ගේ පැවැත්මට සහ පූර්ණ හැකියාවන් සහිත වැඩිහිටියන් ලෙස ඉදිරියට යාමට උපකාර වෙයි.

පුණ්‍යායතනය විසින් සෙවන සලසන සිසුන් 10 දෙනෙකු සඳහා ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගත හැකි බව තහවුරු කිරීමට අපගේ පරිත්‍යාගයෙන් ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. එය ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන පුණ්‍යායතනයේ ස්වේච්ඡා සේවකයින් සඳහා ප්‍රවාහන වියදම් පියවා ගැනීමටද යොමු වනු ඇත.

වසර 30කට පමණ ඉහතදී ස්ථාපිත කරන ලද HCWA යනු සූරාකෑම, ලිංගික සහ ශ්‍රම අපයෝජනය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, HIV/AIDS වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානමක් ඇති වරප්‍රසාද නොලත් දරුවන් සඳහා ආධාරක වන පද්ධතියක් සපයන්නා වූ ලාභ නොලබන සමාජ සංවිධානයක් වේ. නැවත සමාජයට අනුකලනය කරමින් සහ ස්ථාවර ජීවිතයක් පවත්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය කරන පදනම සලසමින් පුණ්‍යායතනය මගින් දැනට 300,000කට අධික දරුවන් පිරිසකට උපකාර කර ඇත.

දරුවන්ට සමෘද්ධිමත් විය හැකි සමාජයක් ගොඩනැගීමේ හවුල් ඉලක්කයක් පැවතීම සහ වඩාත් අවදානමට ලක් විය හැකි පුද්ගලයින් රැකබලා ගන්නා පුණ්‍යායතනවලට සහාය වීම අපගේ සමාජ වගකීම් වැඩසටහනේ මූලික අපේක්ෂාවයි. අවම වරප්‍රසාද ලත් දරුවන්ට පාසල් උපකරණ ලබා දීම මගින් මෙම වර්ෂය ආරම්භයේදී අපි වියට්නාමයේ ඇති Saigon ළමා පුණ්‍යායතනයටද උපකාර කළෙමු.

අවදානමට ලක්ව සිටින දරුවන්ට HCWA සහාය දක්වන්නේ කෙසේද යන්න සහ ඔවුන්ගේ උත්සාහයන්වලට දායකත්වය සලසන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් ලබා ගන්න.