XM සයිප්‍රසයේ සමාජ-සංගීත ව්‍යාපෘතියට සහාය දක්වයි

පළ කළ දිනය: 20/10/2022 15:30 GMT. වැඩිදුරටත් කියවන්න CSR

XM, Sistema Cyprus වෙත තවත් පරිත්‍යාගයක් සමගින් ඒ වෙත ලබා දෙන සහයෝගය අඛණ්ඩව සිදු කරන ලදි. එය අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඔවුන්ගේ සමාජ-සංගීත වාද්‍ය වෘන්දය සහ ගායන වැඩසටහන හරහා නොමිලේ ශාස්ත්‍රීය සංගීත අධ්‍යාපනය ලබා දෙනු ලබන වටිනා අවස්ථාවක් වන අතර ඔවුන්ගේ දියුණුවට සහ පෞද්ගලික සංවර්ධනයට අවස්ථා සලසයි.

Sistema Cyprus ව්‍යාපෘතිය මගින් සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ඇතුළු ඌණ වරප්‍රසාදිත දරුවන්ට ලොව පුරා වාදක කණ්ඩායම් සහ සාමූහික අත්දැකීම් ඇති උද්‍යෝගිමත් වෘත්තිකයින්ගෙන් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබේ. ප්‍රධාන අනුග්‍රාහකයෙකු වශයෙන් අපි ලානකා ශාඛාවට සහාය දක්වන්නෙමු. අපගේ නවතම දායකත්වය එහි කැපවූ ගුරුවරුන් වෙත සහ ඔවුන් දරුවන්ට ඉගෙනීම සඳහා සපයන සංගීත භාණ්ඩ අලුත්වැඩියා කිරීම සඳහා යොමු වනු ඇත.

දරුවෙකුගේ වර්ධනයට ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ හේතුවෙන් සංගීත අධ්‍යාපනය වඩාත් ජනප්‍රියත්වයක් උසුලයි. එය සංගීතය නිර්මාණය කිරීමෙන් ඔබ්බට ගොස් අධ්‍යාපන හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීමට සහ එය වැඩිදියුණු කර ගැනීමට උපකාර වන අතරම සුවිශේෂී මානසික සහ භාවාත්මක ප්‍රතිලාභ සපයනු ලබයි. Sistema විසින් උපකාරය ලබන වරප්‍රසාද නොලත් දරුවන්ට සමාජගත වීමට, ගෞරවය ලැබීමට සහ සමාජයේ කොටසක් වීමට මෙන්ම ඔවුන් පවත්වනු ලබන ඉසව්වල කොටසක් වීම හරහා සිය සම්පූර්ණ විභවතාවට ළඟා වීමට අවස්ථාව උදා වෙයි.

ලොව පුරා සිටින දරුවන් ඇතුළු අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර වෙමින් වඩා යහපත් අනාගතයක් ගොඩ නැගීමට XM කැපවී සිටියි. Sistema ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර පරිත්‍යාගයක් සිදු කිරීම හරහා උපකාර වීම මෙතනින් සිදු කළ හැකිය.