XM ජීවිතාරක්ෂක සැත්කමකට අනුග්‍රහය දක්වයි

පළ කළ දිනය: 08/06/2023 13:50 GMT. වැඩිදුරටත් කියවන්න CSR

අප්‍රේල් මාසයේදී අපි වියට්නාමයේ අසරණ පවුලක, මාස 17ක ගැහැනු දරුවකු වන Kha Han ගේ හෘද සැත්කමකට අනුග්‍රහය දැක්වූවෙමු. ඇය මාරාන්තික තත්ත්වයක් වුව ඇති විය හැකි ටෙට්‍රලොජි ඔෆ් ෆැලෝ (Tetralogy of Fallot) රෝගයෙන් පෙළෙන බව අනාවරණය කර ගන්නා ලද අතර Heartbeat Vietnam සමග සහයෝගයෙන් අපිට Kha Han හට ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන ඒමට හැකිවිය.

ටෙට්‍රලොජි ඔෆ් ෆැලෝ (Tetralogy of Fallot) සාමාන්‍ය රුධිර ප්‍රවාහයට බලපාන සහ ඔක්සිජන් ඌනතාවට හේතු වන උපතින්ම හෘදයේ ඇති වන දෝෂ හතරකින් සමන්විත වේ. මූල්‍ය අපහසුතාවන්ට මුහුණ පා සිටින මෙම දැරියගේ දෙමව්පියෝ ඇගේ මෙම ජීවිත අවධානමක් ඇති රෝගය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිහය. හය දෙනෙකුගෙන් යුත් ඇගේ පවුලේ දිවි පෙවෙත රැකීමට මුදල් ඉපැයීමේ නිරතව සිටියේ ඇගේ පියා පමණි.

තත්ත්වයේ හදිසි බව හඳුනා ගත් අපි Kha Han ගේ හෘද සැත්කම සඳහා අරමුදල් සැපයීමට Heartbeat Vietnam වැඩසටහන සමග ඉක්මනින් අත්වැල් බැඳ ගත්තෙමු. මෙම ශල්‍යකර්මය ඉතා සාර්ථක වූ අතර ඇයට නිරෝගී අනාගතයක් සඳහා අවස්ථාවක් හිමිවිය.

Kha Han හෝ චි මින් හි රෝහලේ සුවය ලබමින් සිටින අතරතුර අපගේ කණ්ඩායම ඇය බැලීමට රෝහලේ විශේෂ සංචාරයක නිරත විය. අපි ඇයට සෙල්ලම් බඩුවක්ද තෑගි කළ අතර ඇගේ මවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගියෙමු.

දැන් Kha Han රෝහලෙන් පිටව ගොස් ඇති බැවින් ඇයට නිරෝගී දිවියක් කරා ඇගේ ගමන ආරම්භ කළ හැකිය.

අපගේ හවුල්කරු වන Heartbeat Vietnam වැඩසටහනට සහ එය පසුපසින් සිටින පුණ්‍යායතනය වන VinaCapital පදනමට අපි ස්තූතිවන්ත වන්නෙමු. VinaCapital පදනම අවශ්‍යතා ඇති වියට්නාමයේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත වෙනස් කරමින් ඔවුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීමේ මෙහෙවරක නියැලී සිටියි. ඔවුන් දැනටමත් රට පුරා ළමුන් 10,000කට අධික පිරිසකට උපකාරය සලසා ඇත. ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් ඔවුන්ගේ වෙබ් අඩවියෙන් සිදු කළ හැකිය.