XM ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට දායක වෙයි

පළ කළ දිනය: 13/12/2022 13:30 GMT. වැඩිදුරටත් කියවන්න CSR

නොවැම්බරයේදී, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා යෝධ මත්ස්‍යයෙකුගේ හැඩැති ලෝහයෙන් සාදන ලද මුර්තියක් සයිප්‍රසයේ ලිමාසොල්හි ජර්මසෝජියා වෙරළේ ස්ථාපනය කරන ලදි. මෙම කර්තව්‍ය ප්‍රතිචක්‍රීකරණයට දිරිමත් කිරීම සහ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා Ena Emeis සංවිධානය සහ XM ඒකාබද්ධව ගෙන එන ලද ව්‍යාපෘතියකි.

ජර්මසෝජියා වෙරළ තීරය විදේශිකයින් සහ දේශීය පුද්ගලයින් අතර ජනප්‍රිය ස්ථානයක් වන නමුත් ස්වභාවික භු දර්ශනයේ සහ සාගර පරිසරයේ සුන්දරත්වය විනාශ කරන කසළ ගැටලුවෙන් පීඩා විඳියි. මෙම නව ස්ථාපනය නරඹන්නන්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමට දිරිමත් කරනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවල බලපෑමෙන් වෙරළ සහ මුහුද ආරක්ෂා කරයි.

ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් එක්වරක් භාවිත කරන ලද ප්ලාස්ටික් ඇසුරුම්වලින් “ප්‍රතිචක්‍රීකරණ මත්ස්‍යයා” පෝෂණය වන අතර පසුව එය ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යොමු කරනු ලැබේ. එහි විශාලත්වය සහ නෙත් සිත් ඇදගන්නා සැලසුම් නිර්මාණය හේතුවෙන් මෙම මුර්තිය ප්‍රතිචක්‍රීකරණය කිරීම කෙරෙහි උත්සාහයක් දැරීමට සෑම පුද්ගලයෙකුටම ධනාත්මක දෘශ්‍ය සිහි ගැන්වීමක් එක් කරයි. අප පරිභෝජනය කරන එක් වරක් භාවිත කරන බෝතල් ගණන මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදු ජීවීන්ට හානි කරන ආකාරය නිරූපණය කිරීම මගින් එය පුද්ගලයින් දැනුම්වත් කිරීම සඳහා සරල සහ කැපී පෙනෙන ක්‍රමයකි.

අපගේ හවුල්කරු වන Ena Emeis ලාභ නොලබන දේශීය සංවිධානයකි. මෙම අභිප්‍රේරිත තරුණ කණ්ඩායම පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කරන අතර සයිප්‍රසයේ සමාජ-දේශපාලන, පාරිසරික සහ වෙනත් ගැටලු විසඳීමට අනුග්‍රාහකයින් ආකර්ෂණය කරයි.

පරිසරය ආරක්ෂා කිරීමට මෙන්ම ලොව පුරා සිටින අපගේ කණ්ඩායම්වල සහ සේවාදායකයින්ගේ දේශීය ප්‍රජාවන් වෙත එය ලබා දීමට XM කැපවී සිටියි. අපගේ වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීමට දියත් කරන ලද මෙම කර්තව්‍ය සඳහා අපව සම්බන්ධ කර ගැනීම කෙරෙහි අපි Ena Emeis හට කෘතඥතාව පළ කරන්නෙමු. මෙම සංවිධානය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ එහි කාර්යයන් පිළිබඳ තොරතුරු එහි Facebook පිටුවෙන් ඔබට ලබා ගත හැකිය.