XM පකිස්තානයේ විපතට පත්වූවන්ට සෙවන සලසයි

පළ කළ දිනය: 21/10/2022 13:50 GMT. වැඩිදුරටත් කියවන්න CSR

එම රටේ ඉතිහාසයේ සිදුවූ දරුණුතම තත්ත්වය ලෙස සැලකෙන පකිස්තානයේ මෑතකදී ඇතිවූ ගංවතුර හේතුවෙන් විපතට පත් මිලියන ගණනක පුද්ගලයින්ට සහාය වීමට XM සැප්තැම්බර් මාසයේදී JDC පදනම සමග අත්වැල් බැඳ ගන්නා ලදි.

නොකඩවා ඇද හැලුණු මෝසම් වර්ෂාව මෙම අති ප්‍රබල ආපදාව ඇති කළ අතර ඒ හේතුවෙන් ගම්මාන සේදී ගොස් රටපුරා මිලියන 33ක ජනතාව බලපෑමට ලක් විය. එය 800,000කට අධික නිවාස ප්‍රමාණයක් විනාශ කළ අතර අවම වශයෙන් තවත් 1,200,000ක නිවාස ප්‍රමාණයකට අලාභ සිදු කර ඇති බව ඇස්තමේන්තුගත කර ඇත. ගංවතුර හේතුවෙන් මිලියන ගණනක පකිස්තානුවන්ට පලායාමට සිදු වූ අතර ඔවුනට නවාතැන් දීමට සකසා ඇති “කූඩාරම් අටවා ඇති නගරවල” සෙවනක් සොයාගන්නා තෙක් එළමහනේ සිටීමට ඔවුනට සිදු විය.

ඔවුන් අසීරුතාවලට මුහුණ පා සිටින අවස්ථාවල ලෝක ප්‍රජාවට උපකාර වීම අපගේ සාමූහික සමාජ වගකීම් වැඩසටහනේ මූලික අපේක්ෂාවයි. JDC පදනමේ සහාය ඇතිව ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්වූ පකිස්තානුවන්ට ජලයට ඔරොත්තු දෙන කූඩාරම් 100ක් පරිත්‍යාග කරමින් අපි උපකාර වූවෙමු. සෑම කූඩාරමකම පුද්ගලයින් 5 දෙනෙකුට නවාතැන් ගත හැකි අතර ඒ අනුව අපගේ මූලාරම්භය මගින් පුද්ගලයින් 500කට නවාතැන් පහසුකම් සැලසිය හැකි විය. විපතට පත්වූවන් තම නිවෙස්වලින් ගංවතුර බැස යාමට මාස ගණනක් ගතවිය හැකි නමුත් එතෙක් බලා සිටියදී අනෙකුත් සහන සංවිධාන විසින් වෙනත් මූලික අවශ්‍යතාවන් ඉටු කරන විට ඔවුන්ගේ පදනම වනුයේ මෙයයි.

දශකයකට පමණ ඉහතදී JDC පදනම ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ ජනාකීර්ණ ප්‍රදේශයක කුඩා කඳවුරක් ලෙස සිය ගමන ආරම්භ කළේය. එතැන් සිට එය තවදුරටත් කඳවුරු ඇති කරමින් රටේ ආපදා අවස්ථාවන්හිදී උපකාර කළ අතර වෛද්‍ය මධ්‍යස්ථාන පවා ඉදි කරන ලදි.

ආපදාවන්, අනතුරු සහ අයුක්තියට මුහුණ දෙන ඌණ වරප්‍රසාදිත ප්‍රජාවට සහන සැලසීමට JDC පදනම කැපවී සිටින අතර එය සම්පූර්ණයෙන්ම පරිත්‍යාගවලින් ක්‍රියාත්මක වේ. ඔවුන් විසින් සිදු කරනු ලබන මානව හිතවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට සහ JDC පදනම වෙත පරිත්‍යාගයක් සිදු කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න.