XM ඉන්දුනීසියානු හමුදා ප්‍රවීණයින්ට ආහාර සපයයි

පළ කළ දිනය: 01/11/2022 17:45 GMT. වැඩිදුරටත් කියවන්න CSR

රටේ නිදහස වෙනුවෙන් සටන් කළ හමුදා සේවයේ අභීත ප්‍රවීණයින් වෙත පරිත්‍යාගයක් සමගින් ඉන්දුනීසියාවේ නිදහස් දිනය සැමරීමට XM, Rumah Zakat සමග එක් විය.

ඔවුන්ගේ සේවයේ සෑම දිනකම සෝල්දාදුවන් ඉන්දුනීසියාව සහ එහි ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කළහ. තම රට ආරක්ෂා කිරීමේදී ඇතැමෙක් තම හමුදා සඟයාගේ මරණය, ජීවිතය වෙනස් කළ තුවාල, පශ්චාත් කම්පන ආතති අනුක්‍රමිකතා හෝ ඔවුන්ගේ සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව නැවත සමාජයට එක්වීමේ අභියෝග වැනි මැනිය නොහැකි තරමේ අහිමිවීම්ගෙන් දුක් විඳිති.

ස්ථාවර සහ සුවපහසු දිවියක් ගත කිරීමට දුක් විඳින පුද්ගලයින් සඳහා උපකාර වීම සඳහා උතුරු ජකර්තාවේ සිජන්ටන්ග්හි (Cijantung) සිටින හමුදා සේවයේ ප්‍රවීණයින්ට උපකාර වීමට අපි Rumah Zakat සමග සම්බන්ධ වූවෙමු.

ඔවුන්ට හිමිවන උපකාරය කිසියම් වෙනසක් ඇති කරන බව සහතික කිරීම සඳහා සිය විශේෂිත අවශ්‍යතා පිළිබඳව ඔවුන්ගෙන් විමසන ලදි. Rumah Zakat හි සහාය ඇතිව වී, සහල්, කිරි, තේ සහ කෝපි වැනි මූලික ආහාර ද්‍රව්‍ය ඇතුළු හමුදා සේවයේ ප්‍රවීණයින් ඉල්ලා සිටි සියල්ල ඇතුළත් ආහාර ඇසුරුම් 80ක් අපි සංවිධානය කර බෙදා දුන්නෙමු.

ඉන්දුනීසියානු හමුදාවේ ප්‍රවීණයින්ට උපකාර කිරීම සමාජයට යමක් ලබා දීමේ සහ ලොව පුරා විවිධ ප්‍රජාවන් හරහා කාරුණිකත්වය පැතිරවීමේ අපගේ පුළුල් ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ එක් කොටසකි. එසේම අපි පසුගිය වර්ෂයේදී Yayasan Sahabat ලාභ නොලබන සංවිධානය හරහාද ඉන්දුනීසියානු හමුදා සේවයේ ප්‍රවීණයින්ට පරිත්‍යාගයක් සිදු කළෙමු.

Rumah Zakat යනු ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් හරහා සකාත්, පරිත්‍යාග, පින්කම් සහ අනෙකුත් සමාජ අරමුදල් හසුරුවනු ලබන ලාභ නොලබන පරාර්ථකාමී සංවිධානයක් වේ. පුණ්‍ය කටයුතු තුළින් අවශ්‍යතා ඇ.ති පුද්ගලයින්ට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා මෙන්ම මූල්‍ය සහ පාරිසරික සහයෝගය සපයයි. ප්‍රජාව වෙත ගෙන එන ලද වසර 24ක සේවාව හරහා Rumah Zakat ඉන්දුනීසියාව පුරා ඇති ගම්මාන 1,700කට ආසන්න ප්‍රමාණයක උපකාරක ජාලයක් නිර්මාණය කිරීම ඇතුළුව මේ වන තෙක් මිලියන 42ක් පමණ මිනිසුන් සවිබල ගන්වා ඇැත.

Rumah Zakat ඉන්දුනීසියානු ප්‍රජාව සවිබල ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට සහ ඔවුන්ගේ මුලපිරීම් සඳහා ඔබේ සහාය පල කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් පුණ්‍ය කටයුතුවලට අදාළ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.