XM ඉන්දුනීසියා භූකම්පනයේ වින්දිතයින්ට සහන සලසයි

පළ කළ දිනය: 27/01/2023 13:43 GMT. වැඩිදුරටත් කියවන්න CSR

2022 නොවැම්බර් මාසයේදී, ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආහාර පරිත්‍යාග කිරීමට XM ලාභ නොලබන දේශීය සංවිධානයක් වන Benih Baik සමග එක් විය.

නොවැම්බර් 21 වන දින ජාවා දූපතේ බටහිර වෙරළ තීරයේ පිහිටා තිබෙන Cianjur කලාපය රිකටර් පරිමාණයේ 5.6ක භූමිකම්පාවකට ගොදුරු විය. එහි නොගැඹුරු අපිකේන්ද්‍රය ව්‍යසනය වඩාත් දරුණු කළ අතර ඒ හේතුවෙන් දහස් ගණන් පුරවැසියන් සිය ජීවිතවලින් වන්දි ගෙවූ අතර බොහෝ පිරිසක් ආබාධයන්ට ලක්විය. නිවාස, පාසල් සහ පොදු පහසුකම් සිය ගණනකට හානි සිදු වීම හෝ ඒවා විනාශ වීම සිදු විය.

භූම්කම්පාවෙන් දිවිගලවා ගත් පුද්ගලයින්ට ජීවීතාරක්ෂක ද්‍රව්‍යවල හදිසි අවශ්‍යතාවක් පැවතිණ. බොහෝ පුද්ගලයින්ට ඔවුන්ගේ නිවාස හා සේවා ස්ථාන අහිමි වී හෝ ආබාධ හේතුවෙන් රැකියා සඳහා යාමට නොහැකි තත්ත්වයකට පත්වූහ. මේ තත්ත්වය හේතුවෙන් ඔවුන්ට කිසියම් සහනයක් සහ උපකාරයක් සැලසීම පිණිස භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට අපි සහල්, සීනි, තෙල්, නූඩ්ල්ස් සහ වෙනත් ආහාර පරිත්‍යාග කළෙමු.

දරුණු ස්වභාවික විපත් හේතුවෙන් ප්‍රජාවන් දැඩි කම්පනවලට ලක් වන අතර අනාරක්ෂිත බවකට නිරාවරණය වේ. අර්බුදකාරී අවස්ථාවක දී සහාය සැලසීම එම පුද්ගලයින්ට අත්‍යාවශ්‍ය වන අතර එය අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ ප්‍රමුඛස්ථානයක් ගනී. අපගේ අරමුණට ළඟා වීමට සහාය වීම සම්බන්ධයෙන් අපි Benih Baik හට අපගේ ස්තූතිය පළ කර සිටින්නෙමු.

ඔබට Benih Baik සංවිධානය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම හෝ පරිත්‍යාගයක් සිදු කිරීම ඔවුන්ගේ වෙබ් අඩවියෙන් සිදු කළ හැකිය.