ලොම්බොක්හි ළමුන්ට XM සහාය වෙයි

පළ කළ දිනය: 26/04/2024 16:27 GMT. වැඩිදුරටත් කියවන්න CSR

XM ඉන්දුනීසියා Peduli Anak පදනම සමග සහයෝගීතාවකින් බටහිර නුසා ටෙන්ගරාහි ලොම්බොක් ප්‍රදේශයේ වැසියන්ට බලාපොරොත්තු ගෙන එන ලදි. 2024 මාර්තු 19 වන දින ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා වන අපගේ කැපවීම යළිත් තහවුරු කරමින් කලාපයේ අවම වරප්‍රසාද ලත් ළමුන් නඟා සිටුවීම සඳහා Peduli Anak සමග අත්වැල් බැඳගත්තෙමු.

Peduli Anak පදනම බටහිර නුසා ටෙන්ගරාහි අවම වරප්‍රසාද ලත් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය රැකවරණය, අධ්‍යාපනය සහ සහාය ලබා දෙමින් වටිනා සේවයක් සලසයි. ඔවුන්ගේ මෙහෙවර වන්නේ දරිද්‍රතාව තුරන් කර ළමුන්ගේ දීප්තිමත් අනාගතයකට මග පෑදීමයි.

අපගේ ඒකාබද්ධ උත්සාහය සමග XM ඉන්දුනීසියා ලොම්බොක්හි අවම වරප්‍රසාද ලත් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ සහ මූලික අවශ්‍යතා පරිත්‍යාග කරන ලදි. අපගේ අරමුණ වූයේ ඔවුන්ට අවශ්‍ය දේ සපයමින් ඔවුන්ගේ අධ්‍යාපනය සහ සිහින හඹා යාමට අවශ්‍ය මෙවලම්වලින් ඔවුන්ව සන්නද්ධ කර අවසානයේදී ඔවුන්ගේ සතුටක් හේතුවක් වීමයි.

මෙතනින් Peduli Anak පදනමේ වෙබ් අඩවියට පිවිස අසරණ ළමුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න.