XM ඊජිප්තුවේ ළමුන්ට අධ්‍යාපනයට පිවිසීමට සහාය වේ

පළ කළ දිනය: 10/10/2024 17:59 GMT. වැඩිදුරටත් කියවන්න CSR

තම දරුවාට අධ්‍යාපනය ලබා දීමත් ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි අවශ්‍යතා මිලදී ගැනීමත් යන දෙකෙන් එකක් පමණක් තෝරා ගැනීමට සිදුවීම ඛේදනීය තත්ත්වයක් වුවත් මෙය බොහෝ දෙනෙකු වර්තමානයේ මුහුණ දෙන සැබෑ තත්ත්වයයි. අවශ්‍යතා ඇති දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යා හැකි බව සහතික වීමට සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට අපි කයිරෝවේ Haya Karima පුණ්‍යායතනය සමග එක්ව කටයුතු කරන්නේ එබැවිනි.

අන්ත දරිද්‍රතාව අවසන් කිරීම අරමුණු කරගත් Haya Karima වැඩසටහන් ඊජිප්තුවේ ජනගහනයෙන් 20%ක් පමණ ආවරණය කර ඇත. මූල්‍ය සහ යටිතල පහසුකම්වල අභියෝග හමුවේ දරුවන් දහස් ගණනකට අධ්‍යාපනය සහ පොත්පත්, නිල ඇඳුම් සහ පාසල් උපකරණ ලබා ගැනීම දුෂ්කර වී තිබේ. පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබා ගැනීමට සහාය වෙමින් දරිද්‍රතාව බිඳ දැමිය හැකි මෙවලම් ලබා දීමටත් ඔවුන්ට සහ ඔවුන්ගේ ප්‍රජාවට වඩා හොඳ අනාගතයක් ගොඩ නැගීමට සහාය වීමත් අපි අපේක්ෂා කරමු.

යහපත් ජීවිතයක් ගෙන ඒමේ අරුතින් වන Haya Karima ආහාර, ජලය, විදුලිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සපයමින් දුෂ්කර ප්‍රදේශවල සිටින ප්‍රජාවට සහාය වෙයි. එක්ව කටයුතු කිරීමෙන් අපි මෙම ළමුන්ගේ ජීවිතවල සුභවාදී වෙනසක් ඇති කිරීම අරමුණු කරමු.

Haya Karima පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ ඔවුන්ගේ ව්‍යාපෘතිවලට සහාය වීමට මෙතනින් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.