රාමසාන් වෙනුවෙන් XM පරිත්‍යාගයන් සිදු කරයි

පළ කළ දිනය: 07/04/2023 13:37 GMT. වැඩිදුරටත් කියවන්න CSR

ලෝකයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන මුලපිරීම්වලට දායක වෙමින් සමාජීය වගකීම ප්‍රවර්ධනය කිරීමට අපි කැපවී සිටින්නෙමු. මෙම වසරේදී, අපි රාමසාන් වෙනුවෙන් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවෙහි සංවිධාන තුනකට පරිත්‍යාගයන් සිදු කළෙමු.

  • Haya Karima හෝ “Decent Life” පුණ්‍ය කටයුතු සහ සංවර්ධන කාර්යයන් හරහා ඊජිප්තුවේ වැඩි අවශ්‍යතා සහිත ප්‍රජාවන්ගේ ගැටලු අවම කිරීම ඉලක්ක කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් මෙතනින් සිදු කරන්න.
  • Shareteah මානුෂීය සංවිධානය නිවාස අහිමි දරුවන්ට නැවත අධ්‍යාපනය වෙත යොමු වීමට උපකාරය සලසයි. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් මෙතනින් සිදු කරන්න.
  • High Atlas පදනම යනු තිරසර සංවර්ධන උදෙසා ආධාර සිදු කරමින්, දේශීය ප්‍රජාව වෙත උපකාරය සැලසීමට කැපවී සිටින මොරොක්කෝ සංවිධානයකි. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් මෙතනින් සිදු කරන්න.

මෙම සංවිධාන සියල්ලම උපකාරය සහ සහාය වැඩියෙන්ම අවශ්‍ය, ග්‍රාමීය සහ නාගරික ප්‍රජාව වෙත අදාළ උපකාරයන් සැලසීමේදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කරයි.

පරිත්‍යාගයන් සිදු කිරීම, ස්වේච්ඡා කටයුතු හෝ ඔවුන්ගේ වැදගත් කාර්යයන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් හරහා මෙම සංවිධානවලට සහාය සැලසීමට එක්වන මෙන් අපි XM ප්‍රජාව වෙත ආරාධනා කරන්නෙමු.

එක්ව කටයුතු කිරීමෙන්, උපකාරය වැඩියෙන්ම අවශ්‍ය පිරිසට සිය ජීවීතයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට අපට දායක විය හැකිය.