XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
සමාන අවස්ථා නිර්මාණය කිරීමේ මානුෂීය ක්‍රියාව

අපගේ මෙහෙවර ඔවුන්ගේ සංස්කෘතිය, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා පුද්ගලයින්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ
ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.

අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය

අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පුද්ගලයින්ට සහාය වන ව්‍යාපෘති ආරම්භ කිරීම

ජාත්‍යන්තර ආධාර

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මානව ආධාර පදනම් සමග එක්වී කටයුතු කිරීම

අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහිධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

අපගේ නවතම මානුෂීය මෙහෙවර

post-image

XM ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට දායක වෙයි

පළ කළ දිනය: 13/12/2022 13:30 GMT

නොවැම්බරයේදී, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා යෝධ මත්ස්‍යයෙකුගේ හැඩැති ලෝහයෙන් සාදන ලද මුර්තියක් සයිප්‍රසයේ ලිමාසොල්හි ජර්මසෝජියා වෙරළේ ස්ථාපනය කරන ලදි. මෙම කර්තව්‍ය ප්‍රතිචක්‍රීකරණයට දිරිමත් කිරීම සහ ප්ලාස්ටික් දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා Ena Emeis සංවිධානය සහ XM ඒකාබද්ධව ගෙන එන ලද ව්‍යාපෘතියකි. ජර්මසෝජියා වෙරළ තීරය විදේශිකයින් සහ දේශීය පුද්ගලයින් අතර ජනප්‍රිය ස්ථානයක් වන නමුත් ස්වභාවික භු දර්ශනයේ සහ සාගර පරිසරයේ සුන්දරත්වය විනාශ කරන කසළ ගැටලුවෙන් පීඩා විඳියි. මෙම නව ස්ථාපනය නරඹන්නන්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමට දිරිමත් කරනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍යවල [..]

post-image

ඉරාක පුණ්‍යායතන සඳහා XM සිය පරිත්‍යාග සිදු කරයි

පළ කළ දිනය: 07/12/2022 15:30 GMT

බැග්ඩෑඩ් සහ ඩොහුක්හි අනාථ දරුවන්ට සහ අවශ්‍යතා ඇති දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව හැදෑරීම සඳහා උපකාර කිරීමට, XM ඉරාකයේ Nobles පුණ්‍ය පදනම සහ Shareteah මානව හිතවාදී සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කර ඇත. සිය පවුලේ සහයෝගය සහ රැකවරණය නොමැති බොහෝ දරුවන් පාසල් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය කරන මූලික වියදම් පියවා ගැනීමට නොහැකිව දුෂ්කරතාවලින් පෙළෙන අතර පාසල් ගමන අතරමග නැවැත්වීමට ඔවුනට බල කෙරේ. පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකි දරුවන්ට අපි බෑග්, සටහන් පොත්, ලිපි ද්‍රව්‍ය සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග කළෙමු. මූල්‍යමය හේතු මත [..]

post-image

XM දකුණු අප්‍රිකාවේ රෝගී දරුවන්ට සහාය ලබා දෙයි

පළ කළ දිනය: 03/11/2022 15:30 GMT

බරපතල සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණ පා සිටින ළමුන්ට සහාය වීම සඳහා දකුණු අප්‍රිකාවේ Reach for a Dream පදනම සඳහා XM එහි මාසික පරිත්‍යාගයන් අඛණ්ඩව සිදු කරන ලදි. ජීවිත අවදානමක් සහිත රෝගවලින් පෙළෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කර ඔවුන්ගේ සිහින යථාර්ථයක් කිරීමේ මහඟු මෙහෙවරක Reach for a Dream පදනම නියැලී සිටියි. සෑම මසකම, පදනම විසින් තෝරා ගනු ලබන දරුවන් දෙදෙනෙකුට සහාය වෙමින් ඔවුන්ගේ කුඩා මුහුණුවලට සිනහවක් ගෙන ඒම සඳහා ඔවුන්ගේ ප්‍රියතම ක්‍රියාකාරකම් සහ විනෝදජනක විස්මයන්ගෙන් පිරුණු දිනක් ගත කරමින් අපි එම කර්තව්‍ය සඳහා [..]

post-image

XM ඉන්දුනීසියානු හමුදා ප්‍රවීණයින්ට ආහාර සපයයි

පළ කළ දිනය: 01/11/2022 17:45 GMT

රටේ නිදහස වෙනුවෙන් සටන් කළ හමුදා සේවයේ අභීත ප්‍රවීණයින් වෙත පරිත්‍යාගයක් සමගින් ඉන්දුනීසියාවේ නිදහස් දිනය සැමරීමට XM, Rumah Zakat සමග එක් විය. ඔවුන්ගේ සේවයේ සෑම දිනකම සෝල්දාදුවන් ඉන්දුනීසියාව සහ එහි ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කළහ. තම රට ආරක්ෂා කිරීමේදී ඇතැමෙක් තම හමුදා සඟයාගේ මරණය, ජීවිතය වෙනස් කළ තුවාල, පශ්චාත් කම්පන ආතති අනුක්‍රමිකතා හෝ ඔවුන්ගේ සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව නැවත සමාජයට එක්වීමේ අභියෝග වැනි මැනිය නොහැකි තරමේ අහිමිවීම්ගෙන් දුක් විඳිති. ස්ථාවර සහ සුවපහසු දිවියක් ගත කිරීමට දුක් විඳින පුද්ගලයින් [..]

post-image

වියට්නාමයේ අවශ්‍යතා ඇති ළමුන්ට XM සහාය වෙයි

පළ කළ දිනය: 31/10/2022 16:30 GMT

වරප්‍රසාද නොලත් ළමුන්ට ඔවුන්ගේ තත්ත්වයන් නොසලකා ගුණාත්මක අධ්‍යාපනයකට ප්‍රවේශය සැලසීමට වියට්නාමයේ හෝ චී මින් නගරයේ ළමා සුභසාධක සංගමයට (HCWA) XM මෑතකදී පරිත්‍යාගයන් සිදු කරන ලදි. ඔවුන්ගේ මීළඟ ආහාර වේල ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද, හිසට සෙවනක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සිතමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන ළමුන් වියට්නාමය පුරා වීදිවල දැක ගත හැකිය. නිතැතින්ම ඔවුන්ට අවශ්‍ය කරන්නේ ආරක්ෂාවක්, උණුසුම් වැළඳගැනීමක් සහ යහපත් අනාගතයක් උදෙසා අවස්ථාවකි. මෙම ළමුන්ට තදබල ලෙස අවශ්‍ය කරන්නා වූ ආරක්ෂාව, අධ්‍යාපනය සහ සහාය HCWA විසින් සපයනු ලබයි. [..]

post-image

XM පකිස්තානයේ විපතට පත්වූවන්ට සෙවන සලසයි

පළ කළ දිනය: 21/10/2022 13:50 GMT

එම රටේ ඉතිහාසයේ සිදුවූ දරුණුතම තත්ත්වය ලෙස සැලකෙන පකිස්තානයේ මෑතකදී ඇතිවූ ගංවතුර හේතුවෙන් විපතට පත් මිලියන ගණනක පුද්ගලයින්ට සහාය වීමට XM සැප්තැම්බර් මාසයේදී JDC පදනම සමග අත්වැල් බැඳ ගන්නා ලදි. නොකඩවා ඇද හැලුණු මෝසම් වර්ෂාව මෙම අති ප්‍රබල ආපදාව ඇති කළ අතර ඒ හේතුවෙන් ගම්මාන සේදී ගොස් රටපුරා මිලියන 33ක ජනතාව බලපෑමට ලක් විය. එය 800,000කට අධික නිවාස ප්‍රමාණයක් විනාශ කළ අතර අවම වශයෙන් තවත් 1,200,000ක නිවාස ප්‍රමාණයකට අලාභ සිදු කර ඇති බව ඇස්තමේන්තුගත කර ඇත. ගංවතුර හේතුවෙන් මිලියන ගණනක [..]

post-image

XM සයිප්‍රසයේ සමාජ-සංගීත ව්‍යාපෘතියට සහාය දක්වයි

පළ කළ දිනය: 20/10/2022 15:30 GMT

XM, Sistema Cyprus වෙත තවත් පරිත්‍යාගයක් සමගින් ඒ වෙත ලබා දෙන සහයෝගය අඛණ්ඩව සිදු කරන ලදි. එය අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඔවුන්ගේ සමාජ-සංගීත වාද්‍ය වෘන්දය සහ ගායන වැඩසටහන හරහා නොමිලේ ශාස්ත්‍රීය සංගීත අධ්‍යාපනය ලබා දෙනු ලබන වටිනා අවස්ථාවක් වන අතර ඔවුන්ගේ දියුණුවට සහ පෞද්ගලික සංවර්ධනයට අවස්ථා සලසයි. Sistema Cyprus ව්‍යාපෘතිය මගින් සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ඇතුළු ඌණ වරප්‍රසාදිත දරුවන්ට ලොව පුරා වාදක කණ්ඩායම් සහ සාමූහික අත්දැකීම් ඇති උද්‍යෝගිමත් වෘත්තිකයින්ගෙන් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබේ. ප්‍රධාන අනුග්‍රාහකයෙකු වශයෙන් අපි ලානකා ශාඛාවට සහාය දක්වන්නෙමු. [..]

post-image

XM ග්‍රීසියේ රෝහලක් නවීකරණය කිරීමට දායක වෙයි

පළ කළ දිනය: 19/10/2022 15:00 GMT

පළමු ශල්‍ය චිකිත්සාගාරය වන ලැපරොස්කොපික් ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා XM මෑතකදී ග්‍රීසියේ පිරෙයස්හි Tzaneio රෝහල වෙත පරිත්‍යාගයක් සිදු කර ඇත. Tzaneio රෝහල සතුව ලැප්රොස්කොපික් සහ බැරියට්‍රික් ශෛල්‍ය කර්ම සිදු කිරීම සඳහා අති නවීනතම මධ්‍යස්ථානයක් පවතිනු ඇත. නවීන පහසුකම් භාවිත කරමින් පුහුණු ශල්‍ය වෛද්‍යවරුන් සහ ඇතෑන්ස් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නව සහ විශිෂ්ට පහසුකමකින් යුත් පුහුණුව ලබා දෙනු ඇත. එහිදී බාහිර මහාචාර්යවරුන්ට පාඨමාලා සැපයිය හැකි අතර මීළඟ පරම්පරාවේ ජීවිතාරක්ෂකයින් ඒවා අධ්‍යයනය කරමින් සහ නිරීක්ෂණය කරමින් සිටින අතරතුර ශල්‍යකර්ම සිදු කළ හැකිය. විශේෂයෙන්ම, [..]

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.