XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
සමාන අවස්ථා නිර්මාණය කිරීමේ මානුෂීය ක්‍රියාව

අපගේ මෙහෙවර ඔවුන්ගේ සංස්කෘතිය, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා පුද්ගලයින්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ
ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.

අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය

අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පුද්ගලයින්ට සහාය වන ව්‍යාපෘති ආරම්භ කිරීම

ජාත්‍යන්තර ආධාර

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මානව ආධාර පදනම් සමග එක්වී කටයුතු කිරීම

අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහිධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

අපගේ නවතම මානුෂීය මෙහෙවර

post-image

XM සහ We Listen Malaysia පීඩිත ජනතාවට සහන සලසයි

පළ කළ දිනය: 19/05/2023 16:46 GMT

2023 අප්‍රේල් 8 වන දින We Listen Malaysia සංවිධානයේ “Pasca Banjir Johor” කර්තව්‍යයට XM සිය පරිත්‍යාගයන් සිදු කරන ලදි. ඒ මෑතකදී ඇති වූ ගංවතුරෙන් බලපෑමට ලක් වූ සෙරි මෙදන්, බතුපහත්, ජොහොර් හි පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන්ය. මේ වනතුරු අපගේ පරිත්‍යාග සහල්, බිත්තර, පිසින තෙල්, පිටි, තේ සහ කෝපි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයමින් ගංවතුරෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් 65 දෙනෙකුට සිය උපකාරය ලබා දී තිබේ. We Listen Malaysia යනු යහපත් ලෝකයක් සඳහා වන XM හි අගය කිරීම් සහ දැක්ම සපයන [..]

post-image

XM ජාත්‍යන්තර මිහිකත දිනට WWF හට පරිත්‍යාග කරයි

පළ කළ දිනය: 18/05/2023 12:52 GMT

සෑම වසරකම අප්‍රේල් 22 වන දින බිලියනයකට අධික ජනතාවක් ජනගහනයෙන් සහ වනහරණයෙන් අපගේ පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා වෙන් කර ඇති ජාත්‍යන්තර මිහිකත දිනය සමරති. අපද්‍රව්‍ය එක් කිරීම, ගස් රෝපණය වැනි ක්‍රියා සඳහා සහභාගී වී සෑම පුද්ගලයෙකුම අපගේ ලෝකය සතුටින් සහ සෞඛ්‍යාරක්ෂිතව ගත කළ හැකි ස්ථානයක් බවට පත් කිරීමට ඔවුන්ගේ උපරිම උත්සාහය යොදවති. මෙම සුවිශේෂී මිනිසුන් වෙනුවෙන් අප‌ගේ අගය කිරීම පෙන්වීම වෙනුවෙන් ලෝක වනජීවී අරමුදල (WWF) සඳහා අපගේ වාර්ෂික පරිත්‍යාගය නැවත ආරම්භ කිරීමට අපි අප්‍රේල් 22 වන දින තෝරා ගත්තෙමු. මෙම [..]

post-image

XM පකිස්තානයේ SPRW සංවිධානයට සහාය සලසයි

පළ කළ දිනය: 15/05/2023 18:00 GMT

XM රාමසාන් වෙනුවෙන් සහරා මහජන අයිතිවාසිකම් සුභසාධක සංවිධානයට (Sahara Public Rights Welfare Organization) සහාය දක්වයි. XM හි පවත්නා සමාජ සත්කාර ප්‍රයත්නයේ කොටසක් ලෙස අපි SPRW මධ්‍යස්ථානයේ රෝගීන්ගේ මූලික අවශ්‍යතාවන් සහ වෛද්‍ය අවශ්‍යතා ආවරණය කිරීම සඳහා සිල්ලර බඩු සහ මුදල් යන දෙකම පරිත්‍යාග කළෙමු. 1988 වසරේ ආරම්භ කරන ලද සහරා මහජන අතිවාසිකම් සුභසාධක සංවිධානය (Sahara Public Rights Welfare Organization) වසර 30කට අධික කාලයක් ප්‍රදේශයේ රෝගීන්ට, වැඩිහිටියන්ට, ශාරීරික සහ මානසික ආබාධ සහිත පුද්ගලයින්ට සහ ළමුන්ට ආධාර සපයයි. ආරම්භයේ සිටම එය සැලකිය යුතු [..]

post-image

XM අනාත දරුවන් සමග සාප්පු සවාරියේ යෙදෙයි

පළ කළ දිනය: 02/05/2023 14:07 GMT

මාර්තු 11 වන දින මධ්‍යම ජකර්තාහි Transmart Cempaka Putih හි “අනාත දරුවන් සමග සාප්පු සවාරියේ යෙදීමේ” වැඩසටහන සංවිධානය කිරීමට ඉන්දුනීසියාවේ Human Initiative සමග අපි අත්වැල් බැඳ ගත්තෙමු. අන්‍යෝන්‍ය වශයෙන් අපගේ ඉලක්කය වූයේ එම ප්‍රදේශයේ ජීවත් වන දෙමව්පියන් අහිමි දරුවන්ට ඇති මූල්‍යමය බර ලිහිල් කිරීමයි. සමස්තයක් වශයෙන්, Human Initiative විසින් සහාය ලබන පාසල් 4ක අනාත දරුවන් 30 දෙනෙකුට අපි සාප්පු සවාරියේ යෙදීමට වවුචරපත් ලබා දුන්නෙමු. ඒ SDIT Al Amanah හි 10ක්, SDIT Al Mubarok හි 5ක්, SDIT Perjuanganku හි 5ක් සහ [..]

post-image

ගංවතුරෙන් බලපෑමට ලක් වූ ළමුන්ට XM සහන සලසයි

පළ කළ දිනය: 10/04/2023 16:31 GMT

කෙලන්ටන්හි දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බලපෑමට ලක් වූ ළමුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා අපි මැලේසියාවේ MyCARE සමග සම්බන්ධ වුණෙමු. ගංවතුර හේතුවෙන් නිවාස දහස් ගණනකට හානි සිදු වූ අතර බොහෝ පවුල් තමන්ගේ අත්‍යාවශ්‍ය කටයුතු ඉටු කර ගැනීමට පවා නොහැකිව දැඩි අසරණබවකට පත් විය. සීමිත සම්පත් ඇති වරප්‍රසාද නොලත් පවුල්වලට උපකාර කිරීමේදී සිය දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන උපකරණ මිලදී ගැනීම බොහෝ විට ප්‍රමුඛතාවක් නොවේ. ළමුන්ට සිය අධ්‍යාපනය අඛණ්ඩව සිදු කර ගෙන යාමට සහ ඔවුන්ගේ ජීවිතවල සාමාන්‍ය හැඟීමක් පවත්වා ගැනීමට උපකාර කිරීම [..]

post-image

ඔටිසම් දිනය සඳහා XM නිල් පැහැයෙන් ආලෝකමත් කරයි

පළ කළ දිනය: 10/04/2023 15:03 GMT

XM 2023 අප්‍රේල් 2 වන දින ලිමාසොල්හි අපගේ කාර්යාලය ආලෝකමත් කර ඔටිසම් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයට සම්බන්ධ විය. Cyprus Autistic Association සඳහා අප ලබා දෙන වාර්ෂික පරිත්‍යාගයන්වලට අමතරව කණ්ඩායමේ සාමාජිකයින් බොහෝ දෙනෙක් මෙම අවස්ථාව සඳහා නිල් පැහැයෙන් සැරසී පැමිණ සිටියහ. එය අපි ලෝක ඔටිසම් පිළිබඳ දැනුම්වත් කිරීමේ දිනය වෙනුවෙන් අපගේ සහයෝගය ලබා දුන් දෙවන වසර වූ අතර ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් තේරුම් ගැනීම සහ පිළිගැනීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගත් Autism Speaks නම් සංවිධානය විසින් එය [..]

post-image

රාමසාන් වෙනුවෙන් XM පරිත්‍යාගයන් සිදු කරයි

පළ කළ දිනය: 07/04/2023 13:37 GMT

ලෝකයේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන මුලපිරීම්වලට දායක වෙමින් සමාජීය වගකීම ප්‍රවර්ධනය කිරීමට අපි කැපවී සිටින්නෙමු. මෙම වසරේදී, අපි රාමසාන් වෙනුවෙන් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවෙහි සංවිධාන තුනකට පරිත්‍යාගයන් සිදු කළෙමු. Haya Karima හෝ “Decent Life” පුණ්‍ය කටයුතු සහ සංවර්ධන කාර්යයන් හරහා ඊජිප්තුවේ වැඩි අවශ්‍යතා සහිත ප්‍රජාවන්ගේ ගැටලු අවම කිරීම ඉලක්ක කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් මෙතනින් සිදු කරන්න. Shareteah මානුෂීය සංවිධානය නිවාස අහිමි දරුවන්ට නැවත අධ්‍යාපනය වෙත යොමු වීමට උපකාරය සලසයි. වැඩිදුර තොරතුරු ලබා ගැනීම [..]

post-image

සිංගප්පූරුවේ වැඩිහිටියන්ට ගුණාත්මක දිවියක්

පළ කළ දිනය: 23/03/2023 14:55 GMT

අපි නැවත වරක් තනිව ජීවත් වන වැඩිහිටි පුද්ගලයින්ට සහාය වීමට සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය සමග එක් වූවෙමු. එහිදී අපි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඔවුන්ට සතුටින් කාලය ගත කිරීම පිණිස සංග්‍රහයන් සිදු කළෙමු. සිංගප්පූරුවේ වැඩිහිටියෝ 88,000කට අධික සංඛ්‍යාවක් ඔවුන් රැකබලා ගැනීමට කිසිවෙකු නොමැතිව තනිව ජීවත් වෙති. වැඩකටයුතු සිදු කර ගැනීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට නැවුම් ආහාර ලබා ගැනීම ඇතුළු විවිධ අභියෝගවලට ඔවුහු එදිනෙදා ජීවීතයේදී මුහුණ දෙති. ඔවුන්ගේ බර ලිහිල් කිරීම පිණිස අපි රතු කුරුස සංවිධානයේ ElderAid වැඩසටහනට සහාය ලබා දුන්නෙමු. [..]

post-image

XM අවශ්‍යතා ඇති ළමුන්ට සංගීතාත්මක තිලිණ සපයයි

පළ කළ දිනය: 14/02/2023 14:59 GMT

අවශ්‍යතා ඇති දරුවන් සහ තරුණයින් සඳහා ඇති සමාජ වාද්‍ය වෘන්දයක් සහ ගායන කණ්ඩායමක් වන Sistema Cyprus වෙත අපගේ උපකාරය සැලසීමෙන් 2023 වසරේ අපගේ පළමු පරිත්‍යාගය අපි සිදු කළෙමු. අපි මෙම තරුණ සංගීතඥයින්ව ඔවුන්ගේ සංගීත ගමන දියුණු කිරීමට ප්‍රයෝජනවත් ත්‍යාග පිරිනැමීම සමගින් පුදුමයට පත් කළෙමු. නව වසරේ කේක් හෝ වසිලෝපිටා භුක්ති විඳීමට ළමුන් සහ ගුරුවරුන් එකට එක්වන විට, XM විසින් නව සංගීත ආධාරක සහ පොත්පත් එහි පරිත්‍යාග කර තිබිණි. එමෙන්ම සෑම දරුවෙකුටම සොබාදහම රැක ගැනීමට දිරිගන්වන අර්ථවත් ත්‍යාගයක් වශ‌යෙන් නැවත භාවිත [..]

post-image

තුර්කි-සිරියා භූකම්පනයේ වින්දිතයින්ට XM සහාය වේ

පළ කළ දිනය: 13/02/2023 18:10 GMT

තුර්කියේ සහ සිරියාවේ දැවැන්ත භූකම්පනයක් ඇති වූ අතර එයින් දිවි ගලවා ගැනීමට හැකි වූවෝ අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් යටතේ නවාතැන් හෝ ආහාර නොමැතිව දිවිපෙවෙත ගෙන යාමට අරගලයක නිරත වී සිටිති. වඩාත්ම අවදානමට ලක්විය හැකි වින්දිතයින් වන දරුවන්ට උපකාර කිරීම සඳහා, අපි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට (UNICEF) පරිත්‍යාග සිදු කළෙමු. සෙවුම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහ අවශ්‍යතා බෙදා හැරීම සඳහා UNICEF සහාය වේ. දරුවන්ට ඉතා ඉක්මනින් නවාතැන්, වෛද්‍ය ප්‍රතිකාර, ආහාර, පිරිසිදු ජලය, බ්ලැන්කට්, උණුසුම් ඇඳුම් සහ සනීපාරක්ෂාව අවශ්‍ය වන අතර ඇතැමුන්ට ඔවුන්ගේ [..]

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.