XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.
සමාන අවස්ථා නිර්මාණය කිරීමේ මානුෂීය ක්‍රියාව

අපගේ මෙහෙවර ඔවුන්ගේ සංස්කෘතිය, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා පුද්ගලයින්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ
ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.

අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය

අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පුද්ගලයින්ට සහාය වන ව්‍යාපෘති ආරම්භ කිරීම

ජාත්‍යන්තර ආධාර

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මානව ආධාර පදනම් සමග එක්වී කටයුතු කිරීම

අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහිධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

අපගේ නවතම මානුෂීය මෙහෙවර

post-image

කයිරෝහි වරප්‍රසාද නොලත් ළමුන් සවිබල ගන්වයි

පළ කළ දිනය: 11/09/2023 15:21 GMT

මෙම ජූලි මාසයේදී අපි ඊජිප්තුවේ පුණ්යායතනයක් වන Haya Karima වෙත පරිත්යාගයක් සිදු කළෙමු. අනාථ දරුවන් සහ මූල්යමය වශයෙන් අභියෝගයට ලක්වී සිටින පවුල්වල දරුවන් ඇතුළු කයිරෝහි වෙසෙන සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්යාපනයක් ලබා දීම සඳහා වන ඔවුන්ගේ මෙහෙවර අපගේ පරිත්යාගයෙන් තවදුරටත් ශක්තිමත් විය. පාසල් සහ පෙර පාසල් ගොඩනැගීම සහ වැඩිදියුණු කිරීම, ඒවාට අවශ්ය සම්පත් සැපයීම, සුදුසුකම් ලත් උපදේශකයින් බඳවා ගැනීම සහ සාක්ෂරතාව උදෙසා වන වැඩමුළු සිදු කිරීම යනාදිය Haya Karima හි බහුවිධ ප්රවේශයට ඇතුළත් වේ. මෙම ක්රමෝපායන් අනුගමනය කිරීමෙන් ඔවුන් සියලු දරුවන්ට [..]

post-image

සිංගප්පූරුවේ 40 දෙනෙකුට භෝජන සංග්‍රහයක්

පළ කළ දිනය: 07/09/2023 15:01 GMT

සිංගප්පූරුවේ බෙඩොක්හි අඩු වරප්රසාද ලත් ප්රජාව ඉලක්ක කර කරගත් සුවිශේෂී වැඩසටහනකට සහාය වීම පිණිස අගෝස්තු 04වන දින Free Food For All (FFFA) වෙත XM පරිත්යාගයක් සිදු කරන ලදි. “පුද්ගලයින් 40 දෙනෙකු සමග රාත්රී ආහාර භෝජනය” යනු අඩු වරප්රසාද ලත් පසුබිම්වල සිටින පුද්ගලයින් 40 දෙනෙකු කැඳවමින් ඔවුන්ට උණුසුම් ආහාර වේලක් භුක්ති විඳීමට අවස්ථාව සලසන FFFA වැඩසටහනකි. මෙය කොන්කිරීමට එරෙහිව කටයුතු කිරීමට, ප්රජා සම්බන්ධතා පෝෂණය කිරීමට සහ සමාජයට ඇතුළත් බව ප්රවර්ධනය කිරීමට උපකාරී වේ. මෙම පුද්ගලයින් 40දෙනා තෝරාගෙන ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්, නිවාස [..]

post-image

ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ඇති ළමුන්ට ආහාර සපයයි

පළ කළ දිනය: 06/09/2023 15:18 GMT

ශ්රී ලංකාවේ අවශ්යතා ඇති දරුවන්ට ආහාර වේල් 1,400ක් ලබා දීමට අපි ජූලි 25 වන දින Voice for Voiceless පදනමේ Òප්රජා මුළුතැන්ගෙය ව්යාපෘතියÓ වෙත පරිත්යාග සිදු කළෙමු. Voice for Voiceless පදනම යනු ශ්රී ලංකාවේ ළමුන්ගේ කුසගින්න පිළිබඳ වන තීරණාත්මක ගැටලුව කෙරෙහි අවධානය යොමු කරන විශිෂ්ට සංවිධානයකි. එය පෝෂණයක් නොලබන දරුවන්ට අත්යාවශ්ය පෝෂණය සපයමින් රට පුරා විවිධ ස්ථාන නවයක ක්රියාත්මක වෙයි. මෙය ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම ප්රවර්ධනය කරනවා පමණක් නොව වඩාත් ශක්තිමත් සහ ප්රත්යස්ථ ප්රජාවක් පෝෂණය කරයි. ආයතනික හවුල්කරුවන්ගේ සහයෝගීතාවෙන්, වරප්රසාද නොලත් දරුවන්ගේ [..]

post-image

මැලේසියාවේ නිවාස අහිමි පුද්ගලයින්ට සහාය වෙයි

පළ කළ දිනය: 31/08/2023 13:37 GMT

ක්වාලාලම්පූර්හි නිවාස නොමැති පුද්ගලයින්ට ආහාර සහ අනෙකුත් අවශ්යතා සැපයීමට XM මැලේසියාවේ තරුණ ප්රජාව විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන පුණ්යායතනයක් වන Dapur Pasak සමග සම්බන්ධ විය. ආහාර වේලක් සපයා ගැනීම සහ පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම බොහෝවිට සුළුකොට තැකිය හැකි නමුත් ස්ථාවර නිවාස නොමැති පුද්ගලයින්ට එය නිරන්තරයෙන් ගැටලුකාරී වෙයි. XM සහ Dapur Pasak විසින් නිවාස නොමැති පුද්ගලයින්ට පෝෂ්යදායී ආහාර මෙන්ම සනීපාරක්ෂක සහ වෛද්ය සැපයුම් කට්ටල බෙදා දෙන ලදි. මෙම අත්යාවශ්ය දෑ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ස්වයං වටිනාකම පිළිබඳ හැඟීමක් ඇති කිරීමට [..]

post-image

XM ආධාර රැස් කිරීමට සංගීතමය අවස්ථාවක් පවත්වයි

පළ කළ දිනය: 11/07/2023 17:20 GMT

El Sistema Greece සහ Sistema Cyprus සඳහා උපකාරය පිණිස XM හි සේවකයින් සිය සංගීත හැකියාවන් පෙන්නුම් කරමින් ගත කළ එම සන්ධ්‍යාව අරමුදල් රැස්කරමින් විනෝදයෙන් ගත කරන ලදි. Sistema හි ශිෂ්‍යයින් මිනිසුන් එකට එක් රැස් කිරීමේදී සංගීතය කෙතරම් ප්‍රබලද යන්න පසක් කරමින් එම සංගීතමය අවස්ථාවේ සිය ඉදිරිපත් කිරීම් සිදු කරන ලදි. Sistema සංවිධානය සංක්‍රමණිකයින් සහ අනාථ පුද්ගලයින් ඇතුළු දරුවන් සහ තරුණ පුද්ගලයින්ට නොමිලේ සංගීත උපකරණ සහ සංගීත අධ්‍යාපනය සපයයි. El Sistema සහ Sistema දරුවන් වාද්‍ය සහ ගායන කණ්ඩායම්වලට සම්බන්ධ වී, සංගීත [..]

post-image

XM පාවහන් පරිත්‍යාගයෙන් සරණාගතයින්ට සහාය වෙයි

පළ කළ දිනය: 11/07/2023 16:15 GMT

නොකඩවා අට වන වසරටත් Pournara පළමු පිළිගැනුම් මධ්‍යස්ථානය වෙත වන අපගේ gold අනුග්‍රාහකත්වය නැවත අලුත් කිරීමට ලැබීම අපට ගෞරවයකි. මෙම gold අනුග්‍රාහකත්වයට සරණක් නොමැති ළමුන්, කාන්තාවන් සහ අවදානමට ලක්ව සිටින කණ්ඩායම්වලට සිය ජීවිත නැවත නගා සිටුවීමට උපකාරයක් වෙමින් පාවහන් පරිත්‍යාගයක් සිදු කරන ලදි. Pournara පිළිගැනුම් මධ්‍යස්ථානය සයිප්‍රසයේ විශාලතම සරණාගත මධ්‍යස්ථානයයි. දැනට එය සරණක් නොමැති ළමුන් 1,000කට අධික ප්‍රමාණයක් ඇතුළුව 4,000කට අධික පුද්ගලයින් පිරිසකට රැකවරණය සලසයි. ගැටුම් හෝ තාඩන පීඩන හේතුවෙන් තම නිවෙස් හැරයාමට කටයුතු කර ඇති සරණාගතයින් සඳහා මෙම මධ්‍යස්ථානය [..]

post-image

XM කණ්ඩායම ඇඳුම් පරිත්‍යාගයක් සිදු කරයි

පළ කළ දිනය: 16/06/2023 18:26 GMT

අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් මෑතකදී සයිප්‍රසයේ සහ ග්‍රීසියේ සිටින අප කණ්ඩායම් ඔවුන්ගේ අනවශ්‍ය ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීමක් සිදු කළහ. අපි ප්‍රමුඛ පුණ්‍යායතන දෙකක් වන PASYKAF සහ Theofilos වෙත සහාය වීම පිණිස ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ ඇඳුම් පැළඳුම් රැස් කළෙමු. පිළිකා රෝගීන්ගේ සහ මිතුරන්ගේ Pancyprian සංගමය (PASYKAF), පිළිකා රෝගීන් සඳහා නොමිලේ සෞඛ්‍ය සහ මානසික සහන සේවා සපයයි. එසේම ඔවුහු රෝගය වැළැක්වීම සහ එහි මූලික ලක්ෂණ හඳුනා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම කෙරෙහිද අවධානය යොමු කරති. PASYKAF වෙත සහාය [..]

post-image

XM ජීවිතාරක්ෂක සැත්කමකට අනුග්‍රහය දක්වයි

පළ කළ දිනය: 08/06/2023 13:50 GMT

අප්‍රේල් මාසයේදී අපි වියට්නාමයේ අසරණ පවුලක, මාස 17ක ගැහැනු දරුවකු වන Kha Han ගේ හෘද සැත්කමකට අනුග්‍රහය දැක්වූවෙමු. ඇය මාරාන්තික තත්ත්වයක් වුව ඇති විය හැකි ටෙට්‍රලොජි ඔෆ් ෆැලෝ (Tetralogy of Fallot) රෝගයෙන් පෙළෙන බව අනාවරණය කර ගන්නා ලද අතර Heartbeat Vietnam සමග සහයෝගයෙන් අපිට Kha Han හට ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන ඒමට හැකිවිය. ටෙට්‍රලොජි ඔෆ් ෆැලෝ (Tetralogy of Fallot) සාමාන්‍ය රුධිර ප්‍රවාහයට බලපාන සහ ඔක්සිජන් ඌනතාවට හේතු වන උපතින්ම හෘදයේ ඇති වන දෝෂ හතරකින් සමන්විත වේ. මූල්‍ය අපහසුතාවන්ට මුහුණ පා [..]

post-image

Happy Ramadan හරහා පවුල් 60ක ජීවන බර ලිහිල් කරයි

පළ කළ දිනය: 02/06/2023 13:43 GMT

අවශ්‍යතා සහිත පවුල් 60කට රාමසාන් උත්සවය නිමිති කරගෙන “Happy Ramadan” පාර්සල බෙදා දීම පිණිස XM 2023 අප්‍රේල් 22 දින BAZNAS ඉන්දුනීසියා සමග එක්විය. සහල්, පිසින තෙල් සහ සීනි යනාදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් මෙම පාර්සල සමන්විත වූ අතර රාමසාන් මාසයේදී අවශ්‍යතා ඇති පවුල්වල මූල්‍යමය බර සැහැල්ලු කිරීමට උපකාරයක් මේ හරහා ලැබිණි. ප්‍රජාවන්ගේ තත්ත්වය ඉහළ නැංවීමට සහ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහාය සැලසීම උදෙසා රජයේ නිල සංවිධානයක් වශයෙන් BAZNAS විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. සහයෝගීතාව සහ දයානුකම්පාව තුළින් අප ප්‍රජාවන්ගේ මෙන්ම ලොව පුරා [..]

post-image

XM ඉන්දියාවේ Sulabha භාරයට පරිත්‍යාග සිදු කරයි

පළ කළ දිනය: 25/05/2023 12:22 GMT

මාර්තුවේදී, අපි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාරය සලසන සංවිධානයක් වන ඉන්දියාවේ විශේෂ අධ්‍යාපනය සහ පර්යේෂණය සඳහා වන Sulabha භාරයට පරිත්‍යාගයන් සිදු කළෙමු. මෙම සංවිධානය 1979 දී පිහිටුවන ලද අතර එතැන් සිට වසරකට ශිෂ්‍යයින් 180කට අධික පිරිසකට උපකාරය සැලසීම තෙක් වර්ධනය වී ඇත. එය විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අධ්‍යාපනය සහ සහාය ලබා දීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරයි. ඔවුන් වර්තමානයේ ලබා දෙන සේවාවන් අතර අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, කථන චිකිත්සාව සහ උපදේශනය ඇතුළත් වේ. මහඟු සේවයක් ඉටු කරන මෙම [..]

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.