XM ග්‍රීසියේ රෝහලක් නවීකරණය කිරීමට දායක වෙයි

පළ කළ දිනය: 19/10/2022 15:00 GMT. වැඩිදුරටත් කියවන්න CSR

පළමු ශල්‍ය චිකිත්සාගාරය වන ලැපරොස්කොපික් ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා XM මෑතකදී ග්‍රීසියේ පිරෙයස්හි Tzaneio රෝහල වෙත පරිත්‍යාගයක් සිදු කර ඇත.

Tzaneio රෝහල සතුව ලැප්රොස්කොපික් සහ බැරියට්‍රික් ශෛල්‍ය කර්ම සිදු කිරීම සඳහා අති නවීනතම මධ්‍යස්ථානයක් පවතිනු ඇත. නවීන පහසුකම් භාවිත කරමින් පුහුණු ශල්‍ය වෛද්‍යවරුන් සහ ඇතෑන්ස් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නව සහ විශිෂ්ට පහසුකමකින් යුත් පුහුණුව ලබා දෙනු ඇත. එහිදී බාහිර මහාචාර්යවරුන්ට පාඨමාලා සැපයිය හැකි අතර මීළඟ පරම්පරාවේ ජීවිතාරක්ෂකයින් ඒවා අධ්‍යයනය කරමින් සහ නිරීක්ෂණය කරමින් සිටින අතරතුර ශල්‍යකර්ම සිදු කළ හැකිය. විශේෂයෙන්ම, එය වැඩිදියුණු කළ පරිශ්‍රයේ ඇති හොඳම ප්‍රතිකාරයන් සහ පසහුකම් රෝගීන්ට සපයයි.

අපගේ පරිත්‍යාගය රෝද පුටු, හෙඳ මධ්‍යස්ථානයක්, රෝගීන්ගේ සයන අසලින් ඇති මේස, ෆාමසි උපකරණ සහ හෘද ස්පන්දනය පිරික්සන යන්ත්‍ර වැනි උපකරණ මිලදී ගැනීමට භාවිත කරනු ඇත.

අපගේ පරිත්‍යාගය ශල්‍ය වෛද්‍යවරුන්ට අතිවිශාල හැකියාවන් ලබා දෙන ඩිජිටල් ශල්‍යාගාරයක් සංවර්ධනය කිරීම සඳහාත්, ඔවුන්ගේ කාර්යය උපරිම නිරවද්‍යතාවකින් සහ ආරක්ෂාවෙන් කරගෙන යාමටත්, විශිෂ්ට ශල්‍ය ප්‍රතිඵල ලබා ගැනීමටත්, රෝගීන්ගේ සංකූලතා අවම කිරීමටත් උපකාර වනු ඇත. එය තථ්‍ය කාලීනව ශල්‍යාගාරයේ සිදුවන සමගාමී අන්තර් ක්‍රියාකාරි දුරස්ථ ශල්‍යකර්ම සමගින් ශ්‍රවණාගාරවල සහ සායනය තුළ ශල්‍යකර්ම නිරීක්ෂණය කළ හැකි ශිෂ්‍යයින්ගේ සහ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ පුහුණුවද වැඩිදියුණු කරයි.

සෑම දිනකම වෛද්‍ය ප්‍රජාව වඩාත් සංකීර්ණ රෝගවලට එරෙහි සටනේ ඉදිරි ගමනක් සිදු කරයි. මන්දයත් වඩාත් ප්‍රඥාවන්ත පුද්ගලයින්ට ඔවුන්ගේ දැනුම හා පර්යේෂණ එකට එක්වී හුවමාරු කර ගැනීමට හැකි වන අතර එමගින් වෛද්‍ය විද්‍යාවේ පරිවර්තන සිදු කර පීඩා විඳින මිනිසුන්ට අපේක්ෂාවන් ඇති කළ හැකි බැවිනි. XM හිදී, වෛද්‍ය විද්‍යාවේ නවෝත්පාදන සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් සමාජයක් ගොඩ නැගීමේ මූලික පියවර බව අපි විශ්වාස කරන්නෙමු. Tzaneio රෝහලේ ප්‍රතිසංස්කරණය වැනි වෛද්‍ය කටයුතු සඳහා ආයෝජනය කිරීම අපගේ කොටස උපරිම අයුරින් ඉටු කිරීමට උපකාරී වේ.

රෝහලේ සිදු කරන විශේෂිත ශල්‍යකර්ම සහ එය සපයන වෛද්‍ය සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු එහි වෙබ් අඩවියෙන් ඔබට ලබා ගත හැකිය.