XM සයිප්‍රසයේ සුනඛ අභය භූමියකට සහාය සලසයි

පළ කළ දිනය: 14/12/2022 16:30 GMT. වැඩිදුරටත් කියවන්න CSR

නොවැම්බර් මාසයේදී අපි සයිප්‍රසයේ Sirius සුනඛ අභය භූමියට සුනඛ ආහාර මිලදී ගැනීම සඳහා පරිත්‍යාගයක් සිදු කළෙමු. එය අපගේ ස්වේච්ඡා සේවකයින්ටද සුනඛයින් සමග සෙල්ලම් කරමින් ඔවුන්ට ආහාර සැපයීමට මෙන්ම ඇවිදීමට උපකාර කරමින් කාලය ගත කිරීමට හිමි වූ අවස්ථාවකි.

Sirius සුනඛ අභය භූමියෙහි හිමිකරුවන් නොමැති අයාලේ යන සුනඛයින් 170කට අධික සංඛ්‍යාවක් වාසය කරයි. එය රජයේ අරමුදල් නොමැතිව ස්වේච්ඡා සේවකයින් පිරිසක් විසින් පවත්වා ගෙන යනු ලබන අතර ආධාරකරුවන්ගෙන් ලැබෙන පුණ්‍යාධාර මත පමණක් රඳා පවතියි. කුඩා පැටවුන්, විශේෂ අවශ්‍යතා ඇති සුනඛයින් ඇතුළු සුනඛයින් විශාල පිරිසකට ආහාර සැපයීම මෙන්ම රැකබලා ගැනීම සඳහා අධික මුදලක් වැය වන බැවින් මෙම අභය භූමියට අදාළ සමාජ මාධ්‍ය පිටුවල ආහාර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් නිතිපතා පළ කරනු ලබයි.

සත්ත්ව අභය භූමි සහ සතුන් මුදවා ගැනීමේ සංවිධාන ඔවුන් රැක බලා ගන්නා සතුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩ සටනකට මුහුණ දෙයි. අතහැර දැමූ පූසන් සහ සුනඛයින් දිනපතා සයිප්‍රසයේ අභය භූමි කරා පැමිණෙයි. අයාලේ යන සුරතල් සතුන් හාමත්ව සිටීමේ සහ රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමකින් සිටින අතර ඒ අතරින් බොහෝ දෙනෙකුට වෛද්‍යාධාර හෝ විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා අධික මුදලක් වැය විය හැකිය.

XM වසර ගණනක සිට Sirius සුනඛ අභය භූමිය සඳහා අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරයි. සත්ත්ව අභය භූමියකට ආධාරකරුවකු වශයෙන් අපගේ මෙහෙවර වන්නේ හැකි තරම් සුරතල් සතුන් වීදිවලින් බැහැරව අවදානමක් රහිතව තබා ගැනීම මෙන්ම හදාවඩා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සුරතලුන් රැක බලා ගැනීමට උපකාර වීමයි.

Sirius සුනඛ අභය භූමිය මෙන්, මෙලෙස රැකවරණය ලබන සෑම සුරතලෙකුටම පුද්ගලයෙකු සිටින බව අප විශ්වාස කරන්නෙමු. ඔබ සුනඛයෙකු රැකබලා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, මෙතනින් ඔවුන්ගේ නාමාවලිය පරික්ෂා කළ හැකි අතර මෙතනින් අභය භූමිය වෙත පරිත්‍යාග සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.