XM දකුණු අප්‍රිකාවේ රෝගී දරුවන්ට සහාය ලබා දෙයි

පළ කළ දිනය: 03/11/2022 15:30 GMT. වැඩිදුරටත් කියවන්න CSR

බරපතල සෞඛ්‍ය තත්ත්වයන්ට මුහුණ පා සිටින ළමුන්ට සහාය වීම සඳහා දකුණු අප්‍රිකාවේ Reach for a Dream පදනම සඳහා XM එහි මාසික පරිත්‍යාගයන් අඛණ්ඩව සිදු කරන ලදි.

ජීවිත අවදානමක් සහිත රෝගවලින් පෙළෙන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කර ඔවුන්ගේ සිහින යථාර්ථයක් කිරීමේ මහඟු මෙහෙවරක Reach for a Dream පදනම නියැලී සිටියි.

සෑම මසකම, පදනම විසින් තෝරා ගනු ලබන දරුවන් දෙදෙනෙකුට සහාය වෙමින් ඔවුන්ගේ කුඩා මුහුණුවලට සිනහවක් ගෙන ඒම සඳහා ඔවුන්ගේ ප්‍රියතම ක්‍රියාකාරකම් සහ විනෝදජනක විස්මයන්ගෙන් පිරුණු දිනක් ගත කරමින් අපි එම කර්තව්‍ය සඳහා දායක වන්නෙමු. අපගේ ස්වේච්ඡා සේවකයින් මෙම කාර්යය ඉටු කරනු ලබන්නේ ඔවුන්ට ආදරය ලැබෙන බව පසක් කරලීමට වන අතර එවිට ඔවුනට සිය සිහින වෙත ළඟා වීමට ධෛර්යය ලැබේ.

මෙම මාසයේදී අපි ගැහැනු ළමුන් දෙදෙනෙකු වන Reniloe සහ නිර්නාමිකව සිටීමට අපේක්ෂා කළ තවත් ගැහැනු දරුවෙකු සඳහා සිහින සැබෑ කර, ඔවුන්ගේ දිනය ප්‍රීතියෙන් සහ සිනහවෙන් පුරවා කිසිදු විටෙක පුළුල් අයුරින් සිහින දැකීම නතර නොකරන මෙන් ඔවුන්ව දිරිමත් කළෙමු.

Reniloe

සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝගයෙන් පෙළුණද Reniloe යනු දීප්තිමත් කුඩා ගැහැනු දරුවෙකි. ඇගේ අසනීපය හේතුවෙන් බොහෝ දිනවල ඇය රෝහලේ යහනකට සීමා වී සිටින අතර එළිමහනේ ඇගේ මිතුරන් සමග දුව පැන කටයුතු කිරීමට සිහින දකිමින් කාලය ගත කරයි. බාහිර ක්‍රියාකාරකම් ඇයට අපහසු විය හැකි නමුත් ඇය සෙල්ලම් කිරීමට දැඩි කැමැත්තකින් පසුවන බව අපි දැන සිටියෙමු. ඇයව පුදුම කරවීම සඳහා අපි ඇයව ක්‍රීඩා ඉසව් ඇති ස්ථානයක් වෙත කැටුව ගියෙමු.

සම්පූර්ණ කාලය පුරාවටම Reniloe සිනාමුසු මුහුණින් සිටි අතර ඇයට සැම විටම අවශ්‍ය වූයේ ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ස්ථානයට යාමටයි. ඇය යන සෑම ස්ථානයකටම ඇය ඔක්සිජන් ටැංකියක් රැගෙන යන නමුත් ක්‍රීඩා පැවැත්වෙන ස්ථානයේ සිටින විට ඇයට ඒ පිළිබඳ සම්පූර්ණයෙන්ම අමතක විය.

Reniloe අන් අයට උපකාර කිරීමට දැඩි කැමැත්තක් පළ කරන අතර දිනක වෛද්‍යවරියෙකු වීමේ සිහිනයෙන් කල් ගත කරයි. ඇයගේ සිහිනය වෙනුවෙන් පියවරක් ඉදිරියට තැබීමට ඇයගේ පාසල් වැඩකටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතුද සිදු කිරීමට අපි ඇයට ලැප්ටොප් පරිගණකයක් තෑගි කළෙමු. ලැප්ටොප් පරිගණකය දැන් තමන්ට අයිති බව වටහාගත් Reniloe අපගේ ස්වේච්ඡා සේවකයින්හට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමින් සතුටින් පිනා ගොස් සිටියාය.

නිර්නාමික

නිර්නාමිකව සිටීමට අවශ්‍ය වූ අනෙක් දැරිය පිලිකාවක් සමගින් සටන් කරමින් ජීවිතය ‌ගෙන යන මිත්‍රශීලී තරුණියකි. රෝගය හඳුනා ගැනීමෙන් පසු, ප්‍රතිකාරවලට බඳුන් වෙමින් කටයුතු කිරීමට සිදුවන අතරතුර ඇයට පන්ති සහ පාසල් වැඩකටයුතු මගහැරී තිබිණි. මෙම සියලු තත්ත්වයන් සමග ඇය ශක්තිමත්ව සිටීමට ඇගේ උපරිමෙන් කටයුතු කරයි.

මෙම අත්දැකීම පුරාවටම ඇයගේ උත්සාහය නැවත පාසල් අධ්‍යාපනය හැදෑරීමට ඇයට අවකාශය සලසා ඇති අතර නැවතත් අධ්‍යාපන කටයුතු හැදෑරීමට හැකිවීමත් දිනපතා ඇගේ මිතුරන් දැක ගැනීමට ලැබීමත් සම්බන්ධයෙන් දැඩි සතුටින් පසුවිය.

ඇය සෑම විටම ස්ට්‍රෝබෙරි කැඩීමේ ආශාවෙන් පසුවූ බැවින් ඇගේ සිහිනය ඉටු වන දිනය සඳහා අපගේ ස්වේච්ඡා සේවකයින් Polkadraai ස්ට්‍රෝබෙරි ගොවිපළ තෝරා තිබිණි. ගොවිපළෙහි විශේෂ පුද්ගලයෙකුට හිමිවන වරප්‍රසාද හිමිවීම සම්බන්ධයෙන් ඇය අතිශය සතුටට පත්ව සිටිය අතර ඇයගේ මෙම විශේෂ දිනය වෙනුවෙන් වෙන් කරන ලද ට්‍රැක්ටර් රථ සවාරියක්ද සූදානම් කර තිබිණි.

ස්ට්‍රෝබෙරි කැඩීමෙන් සහ විශ්මයජනක ට්‍රැක්ටර් රථ සවාරියෙන් අනතුරුව, ඇගේ පාසල් වැඩකටයුතු සිදු කර ගෙන යාමට උපකාර වීම පිණිස ඇය වෙත ලැප්ටොප් පරිගණකයක් තෑගි කර අපි ඇයව පුදුමයට පත් කළෙමු. දැන් ඇගේ සිහිනය යථාර්ථයක් බවට පත්වී ඇති බැවින් ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයින් XM සහ අපගේ ස්වේච්ඡා සේවකයින්හට අනේක වාරයක් ස්තූතිවන්ත විය.

Reach for a Dream පදනම සඳහා වන අපගේ මාසික පරිත්‍යාගය ලොව පුරා සිටින අවශ්‍යතා ඇති ප්‍රජාව සඳහා උපකාර කිරීමේ අපගේ පුළුල් අරමුණෙහි මෙන්ම අපගේ සාමූහික සමාජ මුලපිරීම් හරහා සමාජයට යමක් ලබා දීමේ එක් කොටසකි.

ජීවිත අවදානමක් සහිත තත්ත්වවල සිටින ළමුන් දිරිමත් කිරීමට සහ අනෙකුත් ළමුන්ට පුළුල් සිහින දැමීමට උපකාර වීමට පදනම විසින් ඉටු කරනු ලබන මහඟු සේවය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.