XM අසාධ්‍ය දරුවන්ට නත්තලේ සතුට ගෙන එයි

පළ කළ දිනය: 10/01/2023 15:07 GMT. වැඩිදුරටත් කියවන්න CSR

දෙසැම්බරයේදී අපි Reach for a Dream පදනමේ අපගේ සඟයින් සමග දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි Tygerberg රෝහලේ දරුවන්ගේ සුව දුක් සොයා බැලීමට ගියෙමු. ඒ ඔවුන්ගේ මුහුණුවලට සිනහවක් ගෙන ඒමේ අරමුණිනි. ජීවිත අවදානම් තත්ත්වවලින් සිටින දරුවන් නත්තල් උත්සවයෙන් සතුටු වීමට රෝහලේ ක්‍රීඩාංගනයට එක්රැස් විය.

Reach for a Dream පදනමේ විනෝදාස්වාදකයාගේ විස්මිත ඉන්ද්‍රජාලික උපක්‍රම සහ විහිළුවලින් ඔවුහු ප්‍රමෝදයට පත්වූහ. විනෝදාස්වාදය සහිත ක්‍රීඩා සමගින් උත්සවය ඉදිරියට පැවැත්වුණු අතර ප්‍රසන්න කාලගුණය අත්විඳිමින් එකිනෙකා සමග මෙන්ම පදනමේ ස්වේච්ඡා සේවකයින් සමග සෙල්ලම් කිරීමට ඔවුනට අවස්ථාව හිමිවිය.

පසුව උදාවූයේ ත්‍යාග සඳහා අවස්ථාවයි. සෑම දරුවෙකු සඳහාම වර්ණ ගැන්වීමේ පොත්පත්, සෙල්ලම් බඩු සහ ඔවුන්ගේ දින ආලෝකමත් කර ගැනීමට අවශ්‍ය අනෙකුත් දේ සමගින් රසවත් සංග්‍රහයන්ගෙන් පිරුණු තෑගි මල්ලක් හිමිවිය. ඒ අතරින් කුඩාම දරුවන්ට අපි සෙල්ලම් සතුන්ද තෑගි කළෙමු.

ඔවුන්ගේ අසනීප තත්ත්වයන් සමග වෙහෙසකර සටනක නියැලී සිටින අතරතුර ශක්තිමත්ව සිටීම සඳහා, ඔවුනට ආදරය හිමිවන බව දැනෙන මෙවැනි අත්දැකීම් මෙම දරුවන්ට ඉතා වැදගත් මතකයන් වේ. ඔවුන්ගේ දින සතුටින් සහ සිනහවෙන් යුතුව ගත කිරීමටත් අනාගතය වෙනුවෙන් සිහින දැකීම නොනැවැත්වීමට උනන්දු කිරීම සඳහාත් Reach for a Dream පදනම සඳහා XM සිය මාසික පරිත්‍යාගයන් අඛණ්ඩව සිදු කරයි. මෙම නත්තලේදී දිළිඳු පුද්ගලයින් හට උපකාර කිරීමට අපට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් Reach for a Dream පදනමට සහ අපගේ අනෙකුත් දිගු කාලීන හවුල්කරුවන්ට අපගේ කෘතඥතාව පළ කරන්නෙමු.

තවදුරටත් සිහින සැබෑ කිරීමට උපකාර වීම හෝ උපකාරය අවශ්‍ය දරුවෙකු යොමු කිරීම Reach for a Dream පදනමේ වෙබ් අඩවියෙන් සිදු කළ හැකිය.