උගන්ඩාවේ අනාථ දරුවන් සඳහා XM ගෙන එන පුණ්‍යාධාර

පළ කළ දිනය: 05/01/2023 17:00 GMT. වැඩිදුරටත් කියවන්න CSR

2022 දෙසැම්බරයේදී, අපගේ පස්වන පුණ්‍ය සත්කාර අරමුදල් රැස් කිරීම XM සංවිධානය කරන ලදි. උගන්ඩාවේ අනාථ දරුවන් සඳහා මුදල් රැස් කිරීමට උගන්ඩාවේ සාදන ලද භාණ්ඩ සහ අතුරු කෑම අපගේ සයිප්‍රසයේ සහ ග්‍රීසියේ කාර්යාලවල විකුණන ලදි. මෙය Saint Antonios of Monde අනාථ නිවාසය සඳහා XM ලබා දෙමින් පවතින සහයෝගයේ එක් කොටසකි.

මෙම සද්කාර්ය සඳහා අපගේ ස්වේච්ඡා සේවකයින් විසින් පිසින ලද රසවත් කෑම වර්ග මිලදී ගෙන රස විඳීමෙන් දිළිඳු පුද්ගලයින්හට උපකාර කිරීමට XM හි සේවකයින්ට නැවතත් අවස්ථාව හිමි විය. වර්ණවත් ගෘහ භාණ්ඩ, ආභරණ සහ උගන්ඩාවේ උපකරණද වැඩි ප්‍රමාණයන්ගෙන් ඉතා ඉක්මනින් අලෙවි විය. අවශ්‍යතා ඇති ළමුන් 400කට අධික සංඛ්‍යාවකට ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා උගන්ඩාවේ වොබුලෙන්සිහි පිහිටි ළමා නිවාසයට රැස් කරන ලද මුදල් යවනු ලැබේ.

UNICEF සංවිධානයට අනුව, පසුගිය දශකයේදී උගන්ඩාවේ මිලියන 2කට අධික ළමුන් පිරිසක් අනාථයින් බවට පත්ව ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට පුණ්‍යායතන සහ ස්වේච්ඡා සේවකයින්ගේ සහාය නොමැතිව තමන්ට අනාගතයක් ගොඩනගා ගැනීමට සහ උගත්, මූල්‍යමය වශයෙන් ස්වාධීන වැඩිහිටියන් බවට පත්වීමට අවස්ථාවක් නොමැත.

XM 2017 දී අවශ්‍යතා ඇති උගන්ඩාවේ දරුවන්ට උපකාර කිරීම ආරම්භ කරන ලද අතර දරුවන්ගේ අනාගත යහ පැවැත්ම හැඩගස්වා ගැනීමට සහ සැමට සමාන අවස්ථා නිර්මාණය කිරීම සඳහා වන අපගේ මෙහෙවර වෙනුවෙන් අපි කැපවී සිටිමු. මුදල් රැස් කිරීමට අමතරව, අධ්‍යාපනය සහ තවත් දේ වෙත ඇති බාධාවන් බිඳ දැමීමට දේශීය පුණ්‍යායතන සමග එක්වෙමින් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට XM සිය දායකත්වය ලබා දී තිබේ.

යහපත් අනාගතයක් සඳහා වන කැපවීම අඛණ්ඩව පවත්වා ගනු ලබන අතර 2023 දී නව මුලපිරීම් ඇරඹීමට අපේක්ෂා කෙරේ. වෙනසකට දායක වීමට ඔබටත් අවශ්‍යද? අනාථ නිවාසය පවත්වාගෙන යනු ලබන උගන්ඩාවේ ඕතඩොක්ස් පල්ලියට පරිත්‍යාගයන් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු මෙතනින් ලබා ගන්න.