හදවත් රෝගවලින් පෙළෙන දරුවන්ට නව වසරට පරිත්‍යාග

පළ කළ දිනය: 27/01/2023 14:30 GMT. වැඩිදුරටත් කියවන්න CSR

හෘද රෝගවලින් පෙළෙන පිලිපීනයේ වරප්‍රසාද නොලත් දරුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සිය නව වසරේ උදාව වඩාත් සතුටින් ගත කිරීමට අපි විශේෂ පරිත්‍යාගයක් සිදු කළෙමු. Chummy Chum පදනම සහ Heart Warriors Philippines පුණ්‍යායතන සමග එක්ව අපි තිලිණ, ආහාර සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය සිදු කළෙමු.

නව වසරේ උදාව ඉතාමත් සතුටුදායක කාලයක් විය යුතු නමුත් සිය රෝග සමගින් සටන් කරමින් සිටින මෙම දරුවන්ට ත්‍යාග පමණක් නොව ආහාර වැනි අවශ්‍යතාවන්ද අවශ්‍ය වේ. සෑම දෙනාටම උණුසුම් ආහාර වේලක් සමගින් ත්‍යාගයක් හිමිවිය යුතු බව අපි විශ්වාස කරන බැවින් අපි එම දෙකම අපගේ පරිත්‍යාගයට ඇතුළත් කළෙමු.

දරුවන්ට සිය මුහුණුවලට සිනහවක් එක් කිරීමට හේතු වූ බෝනික්කන්, කාර්, ගුවන් යානා සහ තවත් සෙල්ලම් බඩු හිමිවිය. ඔවුන්ගේ සෞඛ්‍යයට සහාය වීම පිණිස අපි වෛද්‍ය කට්ටල සහ වෙනත් සැපයුම් මෙන්ම පිලිපීන නව වසරේ උදාවේ හැඟීම සම්පූර්ණ කිරීමට ඔවුන්ට සහ සිය පවුල්වලට සාම්ප්‍රදායික Media Noche ආහාර වේල්ද අපි පරිත්‍යාග කෙළෙමු.

උපතේ සිට හෘද රෝගවලින් පෙළෙන දරුවන්ට ජීවිත කාලය පුරාවටම වෛද්‍ය රැකවරණය අවශ්‍ය වේ. අනුග්‍රාහයකයින් සහ පුණ්‍යායතනවලින් ලැබෙන පරිත්‍යාග අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන්ට පැවැත්මට සහ දියුණු වීමට ඇති එකම අවස්ථාව විය හැකිය. මෙම කුඩා හදවත්වලට පණක් දීමට උපකාර වීම පිණිස අපට අවස්ථාවක් සැලසීම සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන්ට අපි ස්තූතිවන්ත වන්නෙමු.

Heart Warriors Philippines උපතේ සිට ඇතිවන හදවත් රෝග සහ පසුකාලීනව ඇතිවන හදවතට බලපාන රෝග තත්ත්වයන් පිළිබඳ දැනුම්වත් කිරීම් සිදු කිරීම සහ අසනීපයෙන් පෙළෙන දරුවන්ට පරිත්‍යාග සිදු කරන පුද්ගලයින් සහ අනුග්‍රාහකයින් සොයා ගැනීම අරමුණු කරයි.

Chummy Chum පදනමේ අරමුණ වන්නේ වරප්‍රසාද නොලත් දරුවන්ට සිය අවශ්‍යතා සැපයීම සහ ඔවුන්ට ආදරය සහ රැකවරණය සැලසීමයි.