දකුණු අප්‍රිකාවේ ළමුන්ගේ සිහින සැබෑ කරයි

පළ කළ දිනය: 25/01/2023 16:41 GMT. වැඩිදුරටත් කියවන්න CSR

දකුණු අප්‍රිකාවේ බරපතල රෝගාබාධවලින් පෙළෙන තවත් දරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාරී වෙමින් Reach for a Dream පදනම වෙත අඛණ්ඩව සහයෝගය දැක්වීම කෙරෙහි අපි ආඩම්බරයට පත් වන්නෙමු. මෙම දරුවන්ට ඔවුන්ගේ දින චර්යාව පවා දුෂ්කර සටනකි. 2022 වසරේ උත්සව සමය පුරාවට, අපි ළමුන් 5 දෙනෙකුගේ සිහින සැබෑ කර සිය ළමා කාලය නැවත ඔවුනට ලබා දුන්නෙමු.

Aatiqah Benjamin

Aatiqah යනු වර්ණ කිරීමේ පොත්, ස්පයිඩර්මෑන් සහ පෙපා පිග් වෙත ඇල්මක් දක්වන, සිය සහෝදරිය සහ පූසා සමග සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට කැමති දක්ෂ ගැහැනු දරුවෙකි. ඇයට අවශ්‍ය වූයේ ඇයටම අයත් බාර්බි බෝනික්කන් සහ උපකරණ එකතුවක් පමණි. එබැවින් ඇගේ විශේෂ දිනයේදී අපි මෙම බෝනික්කන් විශාල වශයෙන් ඇති සාප්පුවක් වන Toy Kingdom වෙත ඇය කැටුව ගියෙමු. ඇයට අවශ්‍ය කරන සියල්ල සාප්පුවේ රාක්ක අතුරින් තෝරා ගන්නා අතරතුර Aatiqah සිනහවකින් මුව සරසා ගෙන සිටියාය. පසුව අපි ඇය සහ ඇගේ පවුලේ පිරිස සමග දිවා ආහාරය සඳහා පිටතට ගිය අතර එහිදී ඇය අයිස්ක්‍රීම් සහ විනෝදජනක ක්‍රීඩා හේතුවෙන් සතුටට පත්විය.

Thembekile

Thembekile යනු බෝනික්කන් සමග සෙල්ලම් කිරීමට සහ ඇගේ මිතුරිය Buhle සමග My Little Pony නැරඹීමට ප්‍රිය කරන ලැජ්ජාශීලී ගැහැනු ළමයෙකි. නව ඇඳුම් ගැනීම පිණිස සාප්පු සවාරි යාමේ ඇගේ සිහිනය සැබෑ කරලීමට අපි ඇය සහ ඇගේ මව සමග දැවැන්ත Westgate සාප්පු සංකීර්ණය වෙත ගියෙමු. Thembekile මුලදී දෙගිඩියාවෙන් යුතුව සිටි නමුත් ඉක්මනින් ඇගේ දෑස් බලාපොරොත්තුවෙන් යුතුව දිලිසෙන්නට වූ අතර සිය ට්‍රොලිය තල්ලු කිරීමට පවා බල කළාය. සියල්ල ඇසුරුම් කිරීමෙන් අනතුරුව ඇය මැක්ඩොනල්ඩ්හි දිවා ආහාරය ගැනීමට සිය කැමැත්ත පළ කළාය. සිය නව ඇඳුම් පැළදුම් ඇඳ බැලීමට නොඉවසිල්ලෙන් ඉන්නා බව ඇය පැවසීය.

Khristian Miller

Khristian යනු දැඩි ලෙස ශක්තිවන්ත, සුනඛයින්ට දැඩි ලෙස ආදරය කරන පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන රසිකයෙකි. ඔහු පාපන්දු ක්‍රීඩාවේ නියැලීමට සහ වීඩියෝ ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන අතර නින්ටෙන්ඩෝ ස්විචයක් ලබා ගැනීමට සිහින දකිමින් සිට ඇත. එබැවින්, අපි ඔහුගේ කැමැත්ත ත්‍යාගයක් වශයෙන් සූදානම් කළෙමු. ඔහු අපව මුණ ගැසීමට Fives Futbol සමාජයට පැමිණි විට, ඔහු පිටියේ විශාලත්වය සහ එහි තත්ත්වය දැකීමෙන් පුදුමයට පත්විය. ප්‍රථමයෙන්ම අපි Khristian වෙත ඔහුගේ නව බෝලය ලබා දුන් අතර ඔහු සැණෙකින් සිය සහෝදරිය සමගින් සෙල්ලම් කිරීමට පටන් ගත්තේය. අවසානයේදී ඔහු වාඩිවී සිය ත්‍යාගය විවෘත කර බැලීමට සූදානම් විය. නින්ටෙන්ඩෝ ස්විචයක් සහ ඔහුගේ ප්‍රියතම FIFA ක්‍රීඩාව දුටු විගස Khristian ගේ මුහුණ උද්‍යෝගයෙන් ආලෝකමත් විය. එය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඉතා වැදගත් මොහොතක් විය.

Juwairia Richards

Juwairia යනු කලාවට දැඩි ඇල්මක් දක්වන තරුණියකි. ඇය කලා කෞතුකාගාරවල කාලය ගත කිරීමට, පින්තාරු කිරීමට සහ චිත්‍ර ඇඳීමට ප්‍රිය කරයි. ඒවා ඇයට විවේකී බවක් ගෙන එයි. ඇයගේ අසනීපය හේතුවෙන් ඇයට බොහෝ දින ගණනක් පාසල් ගමන මග හැරී තිබිණ. Juwairia හට ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය වූ අතර ඇයට ඇගේ කාර්යයන් සම්පූර්ණ කිරීමට මෙන්ම නිවසේ සිටින විට ඇගේ අවසාන විභාග සඳහා පාඩම් කිරීමටද හැකි වනු ඇත. ඇයගේ නම සහිත නවතම ලැප්ටොප් පරිගණකයක් සහ එහි උපාංග විවෘත කර බලන විට ඇගේ මුහුණ පුළුල් සිනහවකින් වර්ණවත් විය. ඇය මිලියන වාරයක් ස්තූති කළ අතර ඇගේ ත්‍යාගය ඉක්මනින් භාවිත කිරීමට ඇයට අවශ්‍ය විය.

Likuwe Nogubhaza

Likuwe යනු පීසාවලට, පිහිනීමට, හැංගිමුත්තන් සෙල්ලම් කිරීමට සහ ටොම් ඇන්ඩ් ජෙරී නැරඹීමට කැමති ආදරණීය සිනහවක් හිමි පිරිමි ළමයෙකි. ඔහුගේ සිහිනය වූයේ ක්වාඩ් බයිසිකල් සවාරියක් බැවින්, අපි එය ඔහුගේ නිවසෙන් පිටත සංවිධානය කළෙමු. ඔහු එය දුටු විගස බයිසිකලයට නැගි අතර මුව පුරා ඇති සිනහව සමගින් සවාරියේ යෙදුණේය. එලෙසම Likuwe ඔහුගේ නවතම Reach for a Dream ටෙඩි බෙයාර් ලබා ගත්තේය.

සියලු ළමුන්ට ප්‍රීතිමත් ළමා කාලයටකට හිමිකම් ඇති නමුත්, ඔවුන් සියලු දෙනාම එතරම් වාසනාවන්ත නොවේ. සමහරුන්ට එය කෙටිකාලීන ජීවිතයක් වන අතර බියෙන් සහ අනිවිශ්චිතතාවෙන් පිරී පවතියි. අවශ්‍යතා ඇති දරුවන්ට උපකාර කිරීමට ඔබ කැමති නම් හෝ Reach for a Dream පදනමෙන් ප්‍රතිලාභ ලැබිය හැකි දරුවකු පිළිබඳ දැනුවත් නම් ඒ සඳහා වැඩිදුර තොරතුරු ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.