තෙසලිහි ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට සහාය සලසයි

පළ කළ දිනය: 08/11/2023 18:11 GMT. වැඩිදුරටත් කියවන්න CSR

සැප්තැම්බර් මස අවසානයේදී ග්රීසියේ තෙසලි ප්රදේශයේ දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවිය. සිය නිවාස, බඩුබාහිරාදිය සහ තම ආදරණීයයන් අහිමිවූවෝ මේ වන විට සිය දෙපයින් නැගී සිටීමට උත්සාහ දරමින් සිටිති. ග්රීසියේ සිටින අප කණ්ඩායමේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවෝ විපතට පත්වූවන්ගේ අවශ්යතා සොයා බලමින් ඔවුන්ගේ අපහසුතාවන් අවම කිරීමට උපකාර කළහ.

විපතක් සිදු වීමෙන් පසු පළමු දින කිහිපයේදී සපයන උපකාරය සුවිශේෂී වේ. මේ පිළිබඳ සැලවූ වහාම අප ස්වේච්ඡා සේවකයෝ ක්රියාත්මක වූහ. ඔවුහු Humanity Greece පුණ්යායතනය හරහා කඩිනමින් විපතට පත්වූවන් වෙත බෙදා දීම පිණිස ආහාර, පිරිසිදු කිරීමේ ද්රව්ය, සනීපාරක්ෂක නිෂ්පාදන සහ ළදරු ආහාර මිලදී ගත්හ.

මෙම දරුණු ව්යසනයෙන් විපතට පත්වූවන්ට සහාය සැලසීමට අපි එලෙස කටයුතු කළෙමු. උපකාරය අවශ්ය පිරිසට අපගේ සහාය ලැබුණු බව තහවුරු කිරීම සම්බන්ධයෙන් Humanity Greece වෙත ස්තූතිවන්ත වන්නෙමු. තෙසලිහි විපතට පත්වූවන්ට සහන සැලසීමට ඔවුන්ගේ වෙබ් අඩවියෙන් පරිත්යාගයක් සිදු කර ඔබට ද සහාය විය හැකිය.