ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ඇති ළමුන්ට ආහාර සපයයි

පළ කළ දිනය: 06/09/2023 15:18 GMT. වැඩිදුරටත් කියවන්න CSR

ශ්රී ලංකාවේ අවශ්යතා ඇති දරුවන්ට ආහාර වේල් 1,400ක් ලබා දීමට අපි ජූලි 25 වන දින Voice for Voiceless පදනමේ Òප්රජා මුළුතැන්ගෙය ව්යාපෘතියÓ වෙත පරිත්යාග සිදු කළෙමු.

Voice for Voiceless පදනම යනු ශ්රී ලංකාවේ ළමුන්ගේ කුසගින්න පිළිබඳ වන තීරණාත්මක ගැටලුව කෙරෙහි අවධානය යොමු කරන විශිෂ්ට සංවිධානයකි.

එය පෝෂණයක් නොලබන දරුවන්ට අත්යාවශ්ය පෝෂණය සපයමින් රට පුරා විවිධ ස්ථාන නවයක ක්රියාත්මක වෙයි. මෙය ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම ප්රවර්ධනය කරනවා පමණක් නොව වඩාත් ශක්තිමත් සහ ප්රත්යස්ථ ප්රජාවක් පෝෂණය කරයි.

ආයතනික හවුල්කරුවන්ගේ සහයෝගීතාවෙන්, වරප්රසාද නොලත් දරුවන්ගේ යහපැවැත්මට සහාය වන පෝෂ්යදායී ආහාර සඳහා ඔවුන්ට ප්රවේශය ඇති බව Voice for Voiceless පදනම සහතික කරයි.

මෙම ව්යාපෘතියේ පරමාර්ථය වන්නේ කිසිදු දරුවෙකු කුසගින්නෙන් නින්දට නොයන බව සහතික කිරීම වන අතර මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කුඩා කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳ අපි ආඩම්බර වන්නෙමු.

අපගේ දායකත්වය ආයතනික සමාජ වගකීම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම මෙන්ම ව්යාපාර ක්ෂේත්රයෙන් ඔබ්බට ධනාත්මක බලපෑමක් ඇති කිරීම පිළිබඳ අපගේ විශ්වාසය පිළිබිඹු කරයි.

ප්රජා මුළුතැන්ගෙය ව්යාපෘතිය වැනි කාර්යයන්ට සහාය දැක්වීමෙන් අපි ප්රජාවන් නඟා සිටුවීමට සහ එය වඩාත්ම අවශ්ය කරන පුද්ගලයින්ගේ ජීවිතවල ප්රත්යක්ෂ වෙනසක් ඇති කිරීමට ඉලක්ක කරමු.

Voice for Voiceless පදනමින් ඉටු කරන කාර්යභාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් ලබා ගත හැකිය.

පරිත්යාගයක් සිදු කිරීමට මෙහි ක්ලික් කරන්න.