XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මගේ ටර්මිනලයට expert advisor එක් කරන්නේ කෙසේද?

ඔබේ ටර්මිනලයට EA එක් කිරීම ඉතා සරලය. නමුත් ඔබ ප්‍රථමයෙන්ම එකක් බාගත කිරීම සිදු කළ යුතුය. ඔබේ EA MQL5 අඩවියෙන් බාගත කර ගන්නා ලෙස අපි දැඩි ලෙස නිර්දේශ කරන්නෙමු. එයට හේතුව ඒවා MetaQuotes විසින් අනුමත කර තිබීමයි.

EA බාගත කිරීමට, ඔබ MQL5 අඩවියේ ගිණුමක් නිර්මාණය කිරීම සිදු කළ යුතුය. එසේ නොමැති නම්, "Market" වින්ඩෝව හරහා MT4 හෝ MT5 වෙතින් ඍජුව බාගත කිරීම සිදු කළ හැකිය.

ඔබේ ටර්මිනලයට EA එක් කිරීමට, පහත පියවර අනුගමනය කරන්න.

  1. 1. ඔබේ MT4 හෝ MT5 සේවාදායක ටර්මිනලය (Client Terminal) විවෘත කරන්න
  2. 2. මෙනුවෙන් "File" තෝරා පසුව "Open Data Folder" තෝරන්න
  3. 3. MT4 හි "MQL4" ෆෝල්ඩරය සහ පසුව "Experts" ෆෝල්ඩරය විවෘත කරන්න. MT5 හි "MQL5" ෆෝල්ඩරය සහ පසුව "Experts" ෆෝල්ඩරය විවෘත කරන්න
  4. 4. බාගත කරන ලද .mq4 හෝ .ex4 ගොනුව "Experts" ෆෝල්ඩරය වෙතට යොමු කරන්න
  5. 5. ඔබේ MT4 හෝ MT5 සේවාදායක ටර්මිනලය රීස්ටාර්ට් කරන්න, එවිට සියල්ල සූදානම්ය

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.