XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම (market execution) යනු කුමක්ද?

වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම යනු වෙළඳපොළ තුළ වෙළඳාම් (positions) විවෘත කිරීමට සහ වැසීමට භාවිත කළ හැකි ක්‍රමයකි. වෙළඳපොළ ඇණවුම් සෑමවිටම පවත්නා හොඳම මිලෙන් සම්පූර්ණ කරනු ලැබේ. ක්ෂණික ක්‍රියාත්මක කිරීම සමග සන්සන්දනය කිරීමේදී, වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම:

  • වඩා වේගවත්ය (ඇණවුම් මිලිතත්පරවලින් ක්‍රියාත්මක කරනු ලැබේ)
  • නැවත මිල කැඳවීම් (requotes) රහිතව ඇණවුම් ක්‍රියාත්මක කිරීම සහතික කරයි (මිල ඍජුවම වෙළඳපොළෙන් පැමිණෙයි)
  • ඉහළ වාෂ්පශීලතාව (volatility) අතරතුර වෙළඳාමක අපේක්ෂිත මිල සහ වෙළඳාම ක්‍රියාත්මක වන මිල අතර වෙනසක් ඇතිවීමේ (slippage) වැඩි නැඹුරුතාවක් පවතියි (එය වඩා හොඳ හෝ නරක මිලකට හේතු විය හැකිය)

XM හිදී, ඔබේ ඇණවුම් ඉක්මනින් සහ ඉල්ලුම් කළ මිලට සිදු කෙරෙන බව සහතික කරමින් අපි ඔබට සෑමවිටම හොඳම වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම සපයන්නෙමු. මෙයින් ඔබේ ඇණවුම සම්පූර්ණ කෙරෙන බවට ඔබට 100%ක පමණ සහතිකයක්ද ඇති බව අදහස් වෙයි.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.