XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ක්ෂණික ක්‍රියාත්මක කිරීම (instant execution) යනු කුමක්ද?

ක්ෂණික ක්‍රියාත්මක කිරීම යනු දක්වා ඇති නිශ්චිත මිලටම වෙළඳපොළ තුළ වෙළඳාම් (positions) විවෘත කිරීමට සහ වැසීමට භාවිත කළ හැකි ක්‍රමයකි. ඔබේ ඇණවුම සිදු කෙරෙමින් පවතින අතරතුර මිල වෙනස් වන්නේ නම්, එය ප්‍රතික්ෂේප වනු ඇත. වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම සමග සන්සන්දනය කිරීමේදී, ක්ෂණික ක්‍රියාත්මක කිරීම:

  • බොහෝ විට නැවත මිල කැඳවීම්වලට (requotes) හේතු වේ
  • වැඩි කාලයක් ගනු ලබයි (නැවත කැඳවන ලද මිල තහවුරු කිරීමෙන් පසු පමණක් ඇණවුම් සකසනු ලැබේ)
  • ඉහළ වාෂ්පශීලතාවක් පවතින අවස්ථාවලදී වෙළඳාම වඩාත් අපහසුය
  • බොහෝ විට සැබෑ වෙළඳපොළ ස්ප්‍රෙඩ්වලට වඩා පුළුල් ස්ථාවර ස්ප්‍රෙඩ් ඇතුළත් වේ

XM හිදී, ඔබේ ඇණවුම් ඉක්මනින් සහ ඉල්ලුම් කළ මිලට සිදු කෙරෙන බව සහතික කරමින් අපි ඔබට සෑමවිටම හොඳම වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම සපයන්නෙමු. මෙයින් ඔබේ ඇණවුම සම්පූර්ණ කෙරෙන බවට ඔබට 100%ක පමණ සහතිකයක්ද ඇති බව අදහස් වෙයි. වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.