XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

කොටස් විභේදනය යනු කුමක්ද?

කොටස් විභේදනයක් යනු සමාගමක් නිශ්චිත ගුණිතයකින් එහි කොටස් ඉහළ නැංවීමයි. සාමාන්‍යයෙන් මෙය සිදු කරනු ලබන්නේ කොටසේ ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමටයි.

සම්පූර්ණ shares outstanding ඉහළ ගියද, කොටස්වල ඩොලර් අගය ඒ අයුරින්ම පවතිනු ඇත. මෙයට හේතුව වන්නේ කොටස් විභේදන ගුණිතයෙන් කොටස් මිල සමානුපාතිකව අඩුවීමයි.

වඩාත් පොදු විභේදන අනුපාත වන්නේ 2:1 සහ 3:1 (දෙකට එක සහ තුනට එක) යන ඒවාය. මෙයින් අදහස් වන්නේ විභේදනයට පෙර දරන ලද සෑම කොටසකටම, එය සිදු වූ පසු ආයෝජකයෙකුට කොටස් 2ක් හෝ 3ක් හිමි වන බවයි.

XM හි කොටස් විභේදන සැබෑ කොටස් හුවමාරුවේ මෙන් සලකනු ලැබේ. ඔබේ වෙළඳාමේ (position) ප්‍රමාණය විභේදන අනුපාතය මත පදනම්ව සකස් කෙරෙන අතර ඔබේ වෙළඳාමේ (position) මුළු අගයට බලපෑමක් සිදු නොවේ. එබැවින්, 2:1 කොටස් විභේදනයක් සිදු වේ නම් සහ ඔබ කොටස් 100ක් දරා සිටියේ නම්, විභේදනයට පසු ඔබට 200ක් ලැබෙනු ඇත.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.