XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වෙළඳපොළ සහ ක්ෂණික ක්‍රියාත්මක කිරීම අතර වෙනස්කම් මොනවාද?

වේගයෙන් චලනය වන වෙළඳපොළවල වෙළඳාම් කිරීමේදී, ඔබ ඔබේ ඇණවුම සිදු කරන අවස්ථාවේදී ඔබට වෙළඳාම් (positions) විවෘත කළ හැකි මිල ගණන් බොහෝ විට වෙනස් වේ. මෙවැනි අවස්ථාවල වෙළඳපොළ සහ ක්ෂණික ක්‍රියාත්මක කිරීම අතර ප්‍රධාන වෙනස්කම වන්නේ ඔබේ ඇණවුම සම්පූර්ණ වේද නොවේද යන්නයි.

වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම සමග ඔබේ ඇණවුම් පවත්නා හොඳම මිලෙන් සිදු කරනු ලැබේ. ක්ෂණික ක්‍රියාත්මක කිරීම සමග නව, නැවත කැඳවන ලද මිලකින් ඇණවුමක් සිදු කිරීම හෝ නොකිරීම ඔබට තෝරා ගත හැකි අතර ඔබේ ඇණවුම් ප්‍රතික්ෂේප වීමේ හැකියාවක් පවතී.

වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම (market execution)

  • වඩා වේගවත්ය (ඇණවුම් මිලිතත්පරවලින් ක්‍රියාත්මක වෙයි)
  • නැවත මිල කැඳවීම් (requotes) රහිතව ඇණවුම් ක්‍රියාත්මක කිරීම සහතික කරයි (මිල ඍජුවම වෙළඳපොළෙන් පැමිණෙයි)
  • ඉහළ වාෂ්පශීලතාව (volatility) අතරතුර වෙළඳාමක අපේක්ෂිත මිල සහ වෙළඳාම ක්‍රියාත්මක වන මිල අතර වෙනසක් ඇතිවීමේ (slippage) වැඩි නැඹුරුතාවක් පවතියි (වඩා හොඳ හෝ නරක මිලකට හේතු විය හැකිය)
  • වේගයෙන් චලනය වන වෙළඳපොළවල් සඳහා හොඳම ක්‍රියාත්මක කිරීමයි
  • අවම ස්ප්‍රෙඩ්

ක්ෂණික ක්‍රියාත්මක කිරීම (instant execution)

  • වැඩි කාලයක් ගනු ලබයි (නැවත කැඳවන ලද මිල තහවුරු කිරීමෙන් පසු පමණක් ඇණවුම් සැකසේ)
  • බොහෝ විට නැවත මිල කැඳවීම්වලට (requotes) හේතු වේ
  • වෙළඳාමක අපේක්ෂිත මිල සහ වෙළඳාම ක්‍රියාත්මක වන මිල අතර වෙනසක් (slippage) සිදු නොවේ (නැවත කැඳවන ලද මිල ගණන් අනුමත කරන්නේද යන්න ඔබ තීරණය කරයි)
  • වේගයෙන් චලනය වන වෙළඳපොළවල මගහැරුණු අවස්ථා ඇති කරයි
  • බොහෝ විට ස්ථාවර ස්ප්‍රෙඩ් (සැබෑ වෙළඳපොළ ස්ප්‍රෙඩ්වලට වඩා පුළුල්) ඇතුළත් වේ

XM හිදී, ඔබේ ඇණවුම් ඉක්මනින් සහ ඉල්ලුම් කළ මිලට සිදු කෙරෙන බව සහතික කරමින් අපි ඔබට සෑමවිටම හොඳම වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම සපයන්නෙමු. මෙයින් ඔබේ ඇණවුම සම්පූර්ණ කෙරෙන බවට ඔබට 100%ක පමණ සහතිකයක්ද ඇති බව අදහස් වෙයි. වෙළඳපොළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.