XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ස්වැප් (swaps) ගණනය කරන්නේ කෙසේද?

අපගේ ස්වැප් අනුපාත වඩාත් හොඳින් පිළිගත් මූලාශ්‍රවල ආයතනික ස්වැප් අනුපාත මත පදනම් වේ. ඒවා විශාල මූල්‍ය සමාගම් රාත්‍රියේ වෙළඳාම් (overnight positions) තබා ගැනීමේදී කොපමණ මුදලක් ගෙවන්නේද හෝ උපයන්නේද යන්න පාලනය කරන පොලී අනුපාත වන අතර සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරනු ලබයි. අපි මෙම අනුපාත පොයින්ට්ස් බවට පරිවර්තනය කරන්නෙමු. ඒ ඔබ ඔබේ වෙළඳ වේදිකාවේ දකින අගයන් වේ.

ෆොරෙක්ස් සහ ලෝහ (spot metals)

ෆොරෙක්ස් සහ ලෝහ (spot metals) මත ස්වැප් ගණනය කරනු ලබන්නේ එක් කරන ලද කුඩා අගයක් (mark-up) සමගින් tomorrow-next day අනුපාතයක් භාවිතයෙනි. ඔබ වෙළඳාම් කරන යුගලයේ මුදල් වර්ග අතර ඇති පොලී අනුපාත වෙනසින් ඒවා ව්‍යුත්පන්න වන බැවින් අපි මෙම අනුපාත තීරණය නොකරන්නෙමු.

ස්වැප් අනුපාතය = වෙළඳාමේ ප්‍රමාණය x (+/- Tom-Next අනුපාතය - Mark-Up)

Tom-next අනුපාතය ධන හෝ ඍණද යන්න මුදල් වර්ග දෙක අතර පොලී අනුපාත අවකලනය මත රඳා පවතියි. ගණනය කළ මුදල පසුව ඔබේ ගිණුමේ මුදල් ඒකකයට පරිවර්තනය කෙරේ.

උදාහරණයක් වශයෙන් ඔබ USDJPY වෙළඳාම් කරන්නේ යැයි සිතමු. එවිට tom-next අනුපාත පහත පරිදි වේ.

  • Long position සඳහා +0.5%
  • Short position සඳහා -1.5%

එක්සත් ජනපදයේ පොලී අනුපාත ජපානයේ පොලී අනුපාතවලට වඩා වැඩි බව අපට පෙනේ.

ඔබ රාත්‍රියෙහි long position (වෙළඳාමක්) එකක් පවත්වා ගෙන ඇත්නම් ඔබ අපගේ mark-up මිලට වඩා 0.5%ක් අඩුවෙන් උපයනු ඇත. ඔබ පවත්වා ගනු ලැබුවේ short position (වෙළඳාමක්) එකක් නම් අපගේ mark-up මිලට වඩා 1.5%ක් ඔබෙන් අය කරනු ඇත.

කොටස් (stock) සහ කොටස් දර්ශක

කොටස් (stock) සහ කොටස් දර්ශක මත rollover අනුපාත පාදක වූ අන්තර් බැංකු අනුපාතය භාවිතයෙන් ගණනය කරනු ලැබේ. උදාහරණයක් වශයෙන්, ඕස්ට්‍රේලියානු කොටසක් සඳහා rollover ගණනය කරනු ලබන්නේ කෙටි කාලීන ණය සඳහා දේශීය බැංකු විසින් අය කරනු ලබන පොලී අනුපාතය සමග එක් කරන ලද කුඩා අගයක් (mark-up) භාවිත කරමිනි.

Rollover අනුපාතය = (වෙළඳාමේ ප්‍රමාණය x අවසාන මිල) x (+/- කෙටිකාලීන අන්තර් බැංකු අනුපාතය - Mark-Up)

මෙහිදී ධන හෝ ඍණ යන්න රඳා පවතින්නේ ඔබ දරා සිටින්නේ long හෝ short position එකක්ද යන්න මතයි.

උදාහරණයක් වශයෙන්, ඔබ එක්සත් රාජධානි කොටසක් (stock) වන Unilever වෙළඳාම් කරන්නේ යැයි සිතමු. අන්තර් බැංකු අනුපාතය වසරකට 1.5%ක් වේ.

ඔබ රාත්‍රියෙහි long position (වෙළඳාමක්) එකක් පවත්වා ගෙන ඇත්නම්, rollover අපගේ mark-up මිලට වඩා -1.5%/365 අඩු වනු ඇත. ඔබ පවත්වා ගනු ලැබුවේ short position (වෙළඳාමක්) එකක් නම්, එය අපගේ mark-up මිලට වඩා 1.5%/365 අඩු වනු ඇත.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.