XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නා ආකාරය කුමක්ද?

Windows හරහා

Windows ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයකින් ස්ක්‍රීන්ෂොට් එකක් ගැනීමේ ක්‍රම කිහිපයක් පවතී.

A) ඔබේ යතුරු පුවරුව භාවිතයෙන්:

  1. 1. තිරය පසුරු පුවරුව (clipboard) වෙත කොපි කර ගැනීමට ඔබේ යතුරු පුවරුවෙන් PrtSc (Print Screen) බටනය ඔබන්න
  2. 2. පිංතූර සංස්කරණ මෙවලමක (paint වැනි) හෝ Word හෝ Excel හි පිංතූරය පේස්ට් කිරීමට CTRL + V ඔබන්න

B) Snipping Tool භාවිතයෙන්:

  1. 1. "Start" අයිකනය හෝ Windows හි නවතම සංස්කරණවල පවතින විශාලක කාචය මත ක්ලික් කරන්න
  2. 2. "Snipping Tool" යන්න සොයා ලැබෙන ප්‍රතිඵල ලැයිස්තුවෙන් එය මත ක්ලික් කරන්න
  3. 3. ස්ක්‍රීන්ෂොට් එකක් ගැනීමට "New" යන්න ක්ලික් කරන්න
  4. 4. පිංතූර සංස්කරණ මෙවලමක (paint වැනි) හෝ Word හෝ Excel හි පිංතූරය පේස්ට් කිරීමට CTRL + V ඔබන්න

Mac හරහා

Mac ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයකින් ස්ක්‍රීන්ෂොට් එකක් ගැනීම සඳහා පහතින් දැක්වෙන පියවර අනුගමනය කරන්න.

  1. 1. ක්‍රොස්හෙයාර් එකක් ලැබෙන තුරු Shift + Command + 4 ඔබන්න
  2. 2. ඔබ ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන තිරයේ අදාළ කොටස තේරීමට ක්‍රොස්හෙයාර් ඩ්‍රෑග් කරන්න
  3. 3. තෝරාගත් කොටස වෙනත් තැනකට රැගෙන යාමට ඩ්‍රෑග් කරන අතරතුර Space bar ඔබාගෙන සිටින්න
  4. 4. ස්ක්‍රීන්ෂොට් එකක් ගැනීම අවලංගු කිරීමට, Esc (Escape) බටනය ඔබන්න
  5. 5. ස්ක්‍රීන්ෂොට් එක ගැනීමට, ඔබේ මූසිකය හෝ ට්‍රැක්පෑඩ් බටනය නිදහස් කරන්න
  6. 6. ස්ක්‍රීන්ෂොට් එක සංස්කරණය කිරීමට ඔබේ තිරයේ කෙළවරේ ඇති සංක්ෂිප්තය (thumbnail) ක්ලික් කරන්න
  7. 7. ස්ක්‍රීන්ෂොට් එක පෙරනිමියෙන් ඔබේ ඩෙස්ක්ටොප්හි සුරැකේ

Android හරහා

Android ටැබ්ලටයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් ස්ක්‍රීන්ෂොට් එකක් ගැනීමේ ක්‍රම කිහිපයක් පවතී.

  1. Power බටනය සහ ශබ්දය අඩු කිරීමේ (Volume Down) බටනය එකවර ඔබන්න
  2. තත්පර කිහිපයක් Power බටනය ඔබාගෙන සිටිමෙන් පසු Screenshot යන්න මත ටැප් කරන්න
  3. මින් කිසිවක් සාර්ථක නොවන්නේ නම්, ක්‍රියාකාරීත්වය වෙනස් විය හැකි බැවින්, සහාය පිණිස කරුණාකර ඔබේ දුරකථන නිෂ්පාදකගේ උපකාරක වෙබ් අඩවියට පිවිසෙන්න.

iOS හරහා

iPad හො iPhone එකක් භාවිතයෙන් ස්ක්‍රීන්ෂොට් එකක් ගැනීමේ ක්‍රම කිහිපයක් පවතී.

Face ID භාවිතයෙන් (අදාළ මාදිලි මත)

  1. 1. Side බටනය සහ ශබ්දය වැඩි කිරීමේ (Volume Up) බටනය එකවර ඔබන්න
  2. 2. ඉක්මනින් බටන දෙකම නිදහස් කරන්න
  3. 3. ඔබේ තිරයේ වම් පස පහළ කෙළවරේ සංක්ෂිප්තයක් (thumbnail) දිස්වනු ඇත
  4. 4. ස්ක්‍රීන්ෂොට් එක විවෘත කිරීමට සංක්ෂිප්තය (thumbnail) මත ටැප් කරන්න, නොඑසේ නම් එය ඉවත් කිරීමට වමට ස්වයිප් කරන්න

Touch ID භාවිතයෙන් (අදාළ මාදිලි මත)

  1. Side සහ Home බටන එකවර ඔබා පසුව ඒවා ඉක්මනින් නිදහස් කරන්න
  2. ඔබේ තිරයේ වම් පස පහළ කෙළවරේ සංක්ෂිප්තයක් (thumbnail) දිස්වනු ඇත
  3. ස්ක්‍රීන්ෂොට් එක විවෘත කිරීමට සංක්ෂිප්තය (thumbnail) මත ටැප් කරන්න, නොඑසේ නම් එය ඉවත් කිරීමට වමට ස්වයිප් කරන්න

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.