XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

මට මාජිනය ගණනය කළ හැක්කේ කෙසේද?

ෆොරෙක්ස් ට්‍රේඩ් කිරීමේදී අපගේ ෆොරෙක්ස් ගණක යන්ත්‍රය භාවිත කර ඔබට අවශ්‍ය මාජිනය ස්වයංක්‍රීයව ගණනය කළ හැකිය. ඔබ ට්‍රේඩ් කරන යුගලයේ පදනම් මුදල් ඒකකයෙන්, ඔබේ ට්‍රේඩ් කිරීමක් සඳහා මැනුවල් ආකාරයට අවශ්‍ය මාජිනය ගණනය කිරීම සඳහා (ලොට් x ගිවිසුමේ ප්‍රමාණය / ගිණුමේ ලෙවරේජ්) යන සූත්‍රය භාවිත කළ හැකිය.

Standard ගිණුම් සඳහා, සියලු ෆොරෙක්ස් උපකරණවල ගිවිසුම් ප්‍රමාණය වන්නේ ඒකක 100,000කි. Micro ගිණුම් සඳහා, සියලු ෆොරෙක්ස් උපකරණවල ගිවිසුම් ප්‍රමාණය ඒකක 1,000කි.

මෙය වඩාත් හොඳින් විස්තර කරන නිදසුනක් සලකා බලමු. ඔබට USD වලින් දැක්වෙන Standard වෙළඳ ගිණුමක් පවතින්නේ යැයි උපකල්පනය කරන්න. ඔබ 30:1 ලෙවරේජ් සමග EURUSD ලොට් 1ක් ට්‍රේඩ් කිරීමට අපේක්ෂා කරයි. යුගලයේ පදනම් මුදල් ඒකකය යුරෝ වන බැවින්, මෙම ට්‍රේඩ් කිරීම සඳහා අවශ්‍ය මාජිනය (1 x 100,000 / 30) = EUR 3,333 ලෙස ගණනය කරනු ලැබේ. කෙසේනමුත්, ඔබේ වෙළඳ ගිණුම USD වලින් දැක්වෙන බැවින් මුදල වත්මන් විනිමය අනුපාතයෙන් ස්වයංක්‍රීයව හැරවෙනු ඇත.

රත්‍රං හෝ රිදී ට්‍රේඩ් කරන විට, ඔබට (ලොට් x ගිවිසුමේ ප්‍රමාණය x ආරම්භක මිල / ගිණුමේ ලෙවරේජය) යන සූත්‍රය භාවිත කර අවශ්‍ය මාජිනය ගණනය කළ හැකිය.

CFD ට්‍රේඩ් කරන විට, ඔබට (ලොට් x ගිවිසුමේ ප්‍රමාණය x ආරම්භක මිල x මාජින් ප්‍රතිශතය) යන සූත්‍රය භාවිත කර අවශ්‍ය මාජිනය ගණනය කළ හැකිය.

සහාය අවශ්‍යද?

ඔබට සහාය අංශය විසින් ආවරණය නොකරන ලද කිසියම් ගැටලුවක් පවතී නම්, කරුණාකර අපව සම්බන්ධ කර ගන්න. එවිට අපගේ නියෝජිතයෙකු ඔබට උපකාර වනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.