Happy Ramadan හරහා පවුල් 60ක ජීවන බර ලිහිල් කරයි

පළ කළ දිනය: 02/06/2023 13:43 GMT. වැඩිදුරටත් කියවන්න CSR

අවශ්‍යතා සහිත පවුල් 60කට රාමසාන් උත්සවය නිමිති කරගෙන “Happy Ramadan” පාර්සල බෙදා දීම පිණිස XM 2023 අප්‍රේල් 22 දින BAZNAS ඉන්දුනීසියා සමග එක්විය. සහල්, පිසින තෙල් සහ සීනි යනාදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් මෙම පාර්සල සමන්විත වූ අතර රාමසාන් මාසයේදී අවශ්‍යතා ඇති පවුල්වල මූල්‍යමය බර සැහැල්ලු කිරීමට උපකාරයක් මේ හරහා ලැබිණි.

ප්‍රජාවන්ගේ තත්ත්වය ඉහළ නැංවීමට සහ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහාය සැලසීම උදෙසා රජයේ නිල සංවිධානයක් වශයෙන් BAZNAS විසින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

සහයෝගීතාව සහ දයානුකම්පාව තුළින් අප ප්‍රජාවන්ගේ මෙන්ම ලොව පුරා ධනාත්මක වෙනසක් ඇති කළ හැකි බව XM හි අපි තරයේ විශ්වාස කරන්නෙමු.

අපගේ සහයෝගීතාව සෙසු පුද්ගලයින්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට වන අපගේ හවුල් මෙහෙවරට සාක්ෂියක් වේ.

අපි ඔවුන්ගේ අගනා සහාය සහ හවුල්කාරීත්වය වෙනුවෙන් BAZNAS ඉන්දුනීසියා වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන්නෙමු.

BAZNAS පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ ඔවුන්ගේ වටිනා කාර්යයට දායක වීමට මෙතනින් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න.