කුකී යනු මොනවාද?
කුකී යනු කුඩා දත්ත ගොනු වේ. ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වීමේදී එම වෙබ් අඩවිය විසින් ඔබේ පරිගණකයට කුකිය යොමු කරයි. ඔබේ පරිගණකය ඔබේ වෙබ් බ්‍රවුසරය ඇතුළත ඇති ගොනුවක එය ගබඩා කරයි.
කුකී ඔබේ පරිගණකයට වයිරස් හෝ අනිෂ්ට මෘදුකාංග යොමු නොකරයි. එහා මෙහා ගමන් කරන විට කුකියක දත්ත වෙනස් නොවන නිසා එය ඔබේ පරිගණකය ක්‍රියාත්මක වන ආකාරයට බලපෑමක් ඇති නොකරයි. නමුත් ඒවා ලොග් ලෙස (එනම් ඒවා පරිශීලක ක්‍රියාකාරකම් පටිගත කර ප්‍රකාශිත තොරතුරු මතක තබා ගනියි) ක්‍රියා කරන අතර ඔබ වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකම ඒවා යාවත්කාලීන වේ.
අප වෙබ් අඩවියෙන් යොමු කරන කුකී පරිශීලනය කිරීම හරහා අපට ඔබේ තොරතුරු ලබා ගත හැකිය. විවිධ වර්ගයේ කුකී විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කරයි. උදාහරණයක් වශයෙන් වාර කුකියක් භාවිත කරනු ලබන්නේ පුද්ගලයෙකු වෙබ් අඩවියක සක්‍රියව හැසිරෙන විට පමණි. ඔබ වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු වාර කුකිය නැතිවී යයි.
කුකී ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
නරඹන්නන් අපගේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය විශ්ලේෂණය කිරීමට මෙන්ම අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්වය ට්‍රැක් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි ක්‍රියාකාරී කුකී භාවිත කරමු. ඇති විය හැකි ඕනෑම ගැටලුවක් ඉක්මනින් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමෙන් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙය අපට ඉඩ සලසයි. උදාහරණයක් වශයෙන් වඩාත් ජනප්‍රිය කුමන වෙබ් අඩවි පිටුද යන්න සහ වෙබ් අඩවි පිටු එකිනෙකට සම්බන්ධ කිරීමේ කුමන ක්‍රමය වඩාත් ඵලදායීද යන්න නිරීක්ෂණය කිරීමට අපි කුකී භාවිත කළ හැකිය. මින් දෙවැන්න ඔබව වෙනත් වෙබ් අඩවියකින් අප වෙත යොමු කර තිබේද යන්න සොයා බැලීමට හා අපගේ අනාගත වෙළඳ ප්‍රචාරණ වැඩිදියුණු කිරීමටද අපට උපකාරී වේ.
කුකීවල තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔබේ ප්‍රවේශ වීමේ වාර ගබඩා කිරීමයි. එනම් ඔබ මුදල් තැන්පත් කිරීමට සාමාජික අවකාශයට පිවිසි විට "වාර කුකියක්" නිර්මාණය වී ඇති බැවින් ඔබ දැනටමත් ප්‍රවේශ වී ඇති බව වෙබ් අඩවියට මතකයට නැගෙයි. වෙබ් අඩවිය මෙම කුකිය සකසා නොමැති නම් ඔබ මුදල් සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියට යන විට සෑම නව පිටුවකටම ඔබේ ප්‍රවේශ වීම සහ මුරපදය විමසනු ඇත.
ඊට අමතරව, උදාහරණයක් ලෙස ක්‍රියාකාරී කුකී, ඔබගේ මනාපයන් මතක තබා ගැනීමට සහ ඔබව පරිශීලකයෙකු ලෙස හඳුනා ගැනීමට, ඔබේ තොරතුරු සුරක්ෂිත බව සහතික කිරීමට සහ වඩාත් විශ්වසනීය ලෙස සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අපට ඉඩ දීම සඳහා භාවිත කරයි. උදාහරණයක් වශයෙන්, ඔබ අපගේ වෙළඳ වේදිකාවට ප්‍රවේශ වන සෑම අවස්ථාවකම ඔබගේ පරිශීලක නාමය ටයිප් කිරීමේ ගැටලුවෙන් ඔබව මුදවාලන අතර ඔබ ප්‍රවේශ වන විට ඔබ දැක ගැනීමට අපේක්ෂා කරන භාෂාව වැනි ඔබේ මනාපයන් සිහිපත් කරයි.
අපගේ කුකී අපට සපයන කාර්යයන් කිහිපයක් පිළිබඳ සාරාංශයක් මෙහි දැක්වේ:
-
ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සහ ඔබ දැනට නැරඹීම සිදු කරන්නේ කුමන රටේ සිටද යන්න හඳුනා ගැනීම
-
බ්‍රවුසරයේ වර්ගය සහ උපාංගය පරික්ෂා කිරීම
-
පරිශීලකයා යොමු වූයේ කුමන වෙබ් අඩවියෙන්ද යන්න ට්‍රැක් කිරීම
-
අදාළ පරිදි අන්තර්ගතය අභිරුචිකරණය කිරීමට තෙවන පාර්ශවයන්ට ඉඩ දීම
මෙම වෙබ් අඩවිය Google,Inc. ("Google") විසින් සපයන වෙබ් විශ්ලේෂණ සේවාවක් වන Google Analytics භාවිත කරයි. පරිශීලකයාගේ වෙබ් අඩවිය භාවිතය විශ්ලේෂණය කිරීම සඳහා වෙබ් අඩවියට සහාය වීමට ඔබේ පරිගණකයේ ඇති විශ්ලේෂණ කුකී Google Analytics විසින් භාවිත කරයි. කුකිය විසින් ඔබේ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ නිර්මාණය කරන ලද තොරතුරු (ඔබේ IP ලිපිනයද ඇතුළුව) Google වෙත සම්ප්‍රේෂණය කළ හැකි අතර Google විසින් ඔවුන්ගේ සේවාදායකවල ගබඩා කළ හැකිය. ඔබේ වෙබ් අඩවිය භාවිතය ඇගයීමට, වෙබ් අඩවි ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්තා සැකසීමට සහ වෙබ් අඩවි ක්‍රියාකාරකම් සහ අන්තර්ජාලය භාවිතය සම්බන්ධ වෙනත් සේවා සැපයීමට Google මෙම තොරතුරු උපයෝගී කර ගත හැකිය. Google මෙම තොරතුරු තෙවන පාර්ශවවලටද යොමු කළ හැකිය. ඒ නීතියෙන් එසේ සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් හෝ Google වෙනුවෙන් එවැනි තෙවන පාර්ශව තොරතුරු සකසනවිටදීය. Google ඔබේ IP ලිපිනය වෙනත් කිසිදු දත්තයක් සමග සම්බන්ධ නොකරයි. මෙම වෙබ් අඩවිය භාවිතයෙන් ඉහත දක්වා ඇති ආකාරයට සහ අරමුණු සඳහා ඔබ පිළිබඳ දත්ත සැකසීමට ඔබ Google වෙත කැමැත්ත ලබා දෙයි.
සැකසුම් වෙනස් කිරීම
කරුණාකර ඔබට ඔබේ උපාංගයේ ගබඩා කර ගැනීමට අවශ්‍ය කුකී තෝරන්න.