කයිරෝහි වරප්‍රසාද නොලත් ළමුන් සවිබල ගන්වයි

පළ කළ දිනය: 11/09/2023 15:21 GMT. වැඩිදුරටත් කියවන්න CSR

මෙම ජූලි මාසයේදී අපි ඊජිප්තුවේ පුණ්යායතනයක් වන Haya Karima වෙත පරිත්යාගයක් සිදු කළෙමු. අනාථ දරුවන් සහ මූල්යමය වශයෙන් අභියෝගයට ලක්වී සිටින පවුල්වල දරුවන් ඇතුළු කයිරෝහි වෙසෙන සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්යාපනයක් ලබා දීම සඳහා වන ඔවුන්ගේ මෙහෙවර අපගේ පරිත්යාගයෙන් තවදුරටත් ශක්තිමත් විය.

පාසල් සහ පෙර පාසල් ගොඩනැගීම සහ වැඩිදියුණු කිරීම, ඒවාට අවශ්ය සම්පත් සැපයීම, සුදුසුකම් ලත් උපදේශකයින් බඳවා ගැනීම සහ සාක්ෂරතාව උදෙසා වන වැඩමුළු සිදු කිරීම යනාදිය Haya Karima හි බහුවිධ ප්රවේශයට ඇතුළත් වේ. මෙම ක්රමෝපායන් අනුගමනය කිරීමෙන් ඔවුන් සියලු දරුවන්ට ගුණාත්මක අධ්යාපනය වෙත ප්රවේශය සලසයි.

තමන්ට හිමිවිය යුතු අධ්යාපනය ලබා ගැනීම වරප්රසාද නොලත් දරුවන්ට සැබවින්ම අරගලයකි. මූල්යමය සීමාවන්ගෙන් ඔබ්බට ඔවුන් සුදුසුකම් ලත් කාර්යය මණ්ඩලයේ හිඟකම, සාක්ෂරතා වෙනස්කම් සහ වෙනත් අභියෝගවලට මුහුණපායි. මෙම බාධාවන් දරුවන්ට ඇති අවස්ථාවන් සීමා කරමින් ඔවුන්ව දරිද්රතාව නැමැති චක්රයක සිරකරයි. මෙකී බාධක බිඳ දැමීමට සහ සැමට වඩාත් දීප්තිමත් සහ වඩාත් සාධාරණ අනාගතයක් ගොඩනැගීමට උපකාර වීම අපගේ අරමුණයි.

Haya Karima යනු වරප්රසාද නොලත් ග්රාමීය ප්රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් නාගරික සහ ග්රාමීය ප්රදේශවල ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන රජයේ අනුග්රහය සහිත පුණ්යායතනයකි. ඔබට ඔවුන්ගේ ව්යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර මෙම පුණ්යායතනයට පරිත්යාගයක් සිදු කිරීම මෙතනින් සිදු කළ හැකිය.