මැලේසියාවේ නිවාස අහිමි පුද්ගලයින්ට සහාය වෙයි

පළ කළ දිනය: 31/08/2023 13:37 GMT. වැඩිදුරටත් කියවන්න CSR

ක්වාලාලම්පූර්හි නිවාස නොමැති පුද්ගලයින්ට ආහාර සහ අනෙකුත් අවශ්යතා සැපයීමට XM මැලේසියාවේ තරුණ ප්රජාව විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන පුණ්යායතනයක් වන Dapur Pasak සමග සම්බන්ධ විය.

ආහාර වේලක් සපයා ගැනීම සහ පෞද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම බොහෝවිට සුළුකොට තැකිය හැකි නමුත් ස්ථාවර නිවාස නොමැති පුද්ගලයින්ට එය නිරන්තරයෙන් ගැටලුකාරී වෙයි. XM සහ Dapur Pasak විසින් නිවාස නොමැති පුද්ගලයින්ට පෝෂ්යදායී ආහාර මෙන්ම සනීපාරක්ෂක සහ වෛද්ය සැපයුම් කට්ටල බෙදා දෙන ලදි. මෙම අත්යාවශ්ය දෑ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ස්වයං වටිනාකම පිළිබඳ හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ.

එක්ව කටයුතු කිරීමෙන් අපට ජීවිත යහපත් අයුරින් වෙනස් කිරීමටත් සෑම දෙනාටම දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමටත් හැකිවේ. Dapur Pasak හි කාර්යයන් තාරුණ්ය මූලික කරගෙන සිදු කරන වෙනස සඳහා නිදසුනක් සපයයි. දුක්ඛිත ජීවිත ගත කරන මැලේසියාවේ සියලු පුද්ගලයින්ට, පවුල්වලට සහ ප්රජාවන්ට අත්යාවශ්ය ආධාර සැපයීම සඳහා ඔවුන් බොහෝ විට සංවිධාන ගණනාවක් සමග කටයුතු කරයි.

ඔබට Dapur Pasak පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම හෝ පරිත්යාග සිදු කිරීම ඔවුන්ගේ වෙබ් අඩවියෙන් සිදු කළ හැකිය.