සිංගප්පූරුවේ 40 දෙනෙකුට භෝජන සංග්‍රහයක්

පළ කළ දිනය: 07/09/2023 15:01 GMT. වැඩිදුරටත් කියවන්න CSR

සිංගප්පූරුවේ බෙඩොක්හි අඩු වරප්රසාද ලත් ප්රජාව ඉලක්ක කර කරගත් සුවිශේෂී වැඩසටහනකට සහාය වීම පිණිස අගෝස්තු 04වන දින Free Food For All (FFFA) වෙත XM පරිත්යාගයක් සිදු කරන ලදි.

“පුද්ගලයින් 40 දෙනෙකු සමග රාත්රී ආහාර භෝජනය” යනු අඩු වරප්රසාද ලත් පසුබිම්වල සිටින පුද්ගලයින් 40 දෙනෙකු කැඳවමින් ඔවුන්ට උණුසුම් ආහාර වේලක් භුක්ති විඳීමට අවස්ථාව සලසන FFFA වැඩසටහනකි. මෙය කොන්කිරීමට එරෙහිව කටයුතු කිරීමට, ප්රජා සම්බන්ධතා පෝෂණය කිරීමට සහ සමාජයට ඇතුළත් බව ප්රවර්ධනය කිරීමට උපකාරී වේ.

මෙම පුද්ගලයින් 40දෙනා තෝරාගෙන ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්, නිවාස නොමැති පුද්ගලයින්, ආබාධිත ප්රජාවන්, තුවාල ලැබූ සංක්රමණික කම්කරුවන් සහ ආර්ථික පීඩනයට ලක්ව සිටින බෙඩොක්හි පුද්ගලයින්ගෙන් වේ. ඔවුන්ට රාත්රී ආහාර භෝජනයක් භුක්ති විඳිය හැකි අතර එකිනෙකා සමග කටයුතු කරමින් උපකාරක සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාවක් මේ හරහා හිමිවෙයි.

“පුද්ගලයින් 40 දෙනෙකු සමග රාත්රී ආහාර භෝජනය”, සමාගමක් ලෙස අපගේ වටිනාකම් සමග සමපාත වේ. අපගේ කර්මාන්තය තුළ සහ අප සේවය කරන ප්රජාවන් තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම එහි අරමුණයි.

මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු පහතින් දැක්වේ:

  • අඩු වරප්රසාද ලත් ජනතාවට පෝෂ්යදායී සහ තෘප්තිමත් ආහාර වේලක් ලැබෙන බවට සහතික වීම
  • හුදෙකලා බව සහ කොන්කර ඇතැයි යන හැඟීමට එරෙහිව කටයුතු කිරීමට සහභාගීවන්නන් අතර ප්රජාව පිළිබඳ හැඟීමක් සහ සබඳතාවක් ඇති කිරීම
  • අඩු වරප්රසාද ලත් පුද්ගලයින් මුහුණ දෙන අභියෝග පිළිබඳ සහ සමාජ අසමානතාව පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම
  • අඩු වරප්රසාද ලත් පුද්ගලයින් නඟා සිටුවීම සහ සවිබල ගැන්වීම

FFFA වෙත සිදු කරන ලද අප පරිත්යාගය ධනාත්මක සමාජ වෙනසක් ඇති කිරීමේ මාර්ගයක් ලෙස ආයතනික අංශය සහ ලාභ නොලබන සංවිධාන අතර සහයෝගීතාවේ වැදගත්කම අවධාරණය කරයි.

අඩු වරප්රසාද ලත් පුද්ගලයින්ව නඟා සිටුවීම අරමුණු කරන “පුද්ගලයින් 40 දෙනෙකු සමග රාත්රී ආහාර භෝජනය” වැනි කාර්යයන් සඳහා සහාය සැලසීමෙන් වඩාත් සාධාරණ සහ දයානුකම්පිත සමාජයක් නිර්මාණය කිරීමේදී සමාගම්වලට ප්රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකිය.

Free Food For All පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්යාගයන් මෙතනින් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස සිදු කළ හැකිය.