XM සෙලන්ගෝහි අනාථ දරුවන්ට සහාය සලසයි

පළ කළ දිනය: 23/01/2024 13:24 GMT. වැඩිදුරටත් කියවන්න CSR

සයිප්‍රස්හි අප මූලස්ථානය විසින් සංවිධානය කරන ලද සහයෝගීතාවක් තුළ Cahaya Kasih Bestari ළමා නිවාසයට උපකාර කිරීමේ උදාර සත්කාරය සඳහා සහාය වීමේ ඒකායන අරමුණ ඇතිව අපි මෑතකදී සෙලන්ගෝහි We Listen Malaysia සංවිධානය සමග එක් විය.

සහල්, කුකුළු මස්, සෝස් වර්ග යනාදී ආහාර මෙන්ම සබන්, ළදරු නැපි, අධ්‍යාපනික උපකරණ, විදුලි පංකා සහ රෙදි සෝදන යන්ත්‍ර යනාදී වශයෙන් අප පරිත්‍යාග කළ භාණ්ඩ කුඩා දරුවන්ගේ සුබසිද්ධිය සඳහා උපකාර වනු නිසැකය.

සයිප්‍රසයේ සහ ග්‍රීසියේ අප කණ්ඩායමේ සාමාජිකයින් මැලේසියාවේ සංචාරයක නිරත වී එම ද්‍රව්‍ය දරුවන්ට බෙදා දීමට කටයුතු කළ අතර ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර පිළිබඳ අතිශය සතුටට පත් විය. එසේම සෑම දෙනෙකුටම මතකයේ රැදෙනු ඇති විනෝදාස්වාදය සපිරි ක්‍රියාකාරකම් කිහිපයක නිරත වීමට ද ඔවුන්ට අවස්ථාව හිමිවිය.

සුභසාධනය සහතික කිරීමට සහ අසරණ පුද්ගලයින්ට ආධාර සැපයීම සඳහා පවතින රාජ්‍ය නොවන සංවිධානයක් වන We Listen Malaysia සංවිධානයේ සහාය නොමැතිව අපගේ කර්තව්‍යය ඉටු කළ නොහැකි වනු ඇත. යහපත් පුද්ගලයින්ගේ මුලපිරීම් හරහා සැබවින්ම ලෝකය වෙනස් කළ හැකි බව ඔවුන්ගේ කැපවීම අපට සනාථ කරයි.

මෙම දයානුග්‍රහය අපගේ #WeListenCare වැඩසටහනට අයත් වන අතර එය දරුවන්ගේ කටයුතු කළමනාකරණය කිරීමේ බර ලිහිල් කරමින් ළමා නිවාසවල කළමනාකරණයට සහාය වීම අරමුණු කරයි. Cahaya Kasih Bestari ළමා නිවාසයේ සාර්ථක වූ ප්‍රයත්නය වැඩි ළමුන් පිරිසක‌ගේ ජීවිත යහපත් අතට හැරවීමේ සහ ගෝලීය වශයෙන් ළමා නිවාසවලට උපකාර කිරීමේ අප අරමුණෙහි තවත් එක් සන්ධිස්ථානයකි.

මෙම අනුග්‍රහය පිළිබඳ අපි අතිශය සතුටට සහ ආඩම්බරයට පත් වන්නෙමු. මේ හරහා උපකාර ලද ළමුන් සතුටට පත් වන්නාක් සේම 2023 වසරේ අප සිදු කරන අවසන් පුණ්‍ය කටයුත්ත මෙය වන බැවින් අපි අපට සහ අප ඉලක්කවලට විශ්වාසවන්තව කටයුතු කරන බව පසක් කර ගනිමින් 2024 වසරට පියමනින්නෙමු. XM අප සැබවින්ම මානුෂීය සමාගමකි.

2023 නොවැම්බර් 27 වන දින Cahaya Kasih Bestari ළමා නිවාසයේ පැවති මෙම අවස්ථාව මෙම වසරේ මැලේසියාවේ සංවිධානය කරන ලද සිව්වන පුණ්‍ය කටයුත්ත වන අතර එය ලොව පුරා ප්‍රජාවට සහාය සැලසීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි.

We Listen Malaysia සංවිධානය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගෙන වඩාත් හොඳ ලොවක් නිර්මාණය කිරීමට ඔබටත් ඔවුන්ට සහාය විය හැකිය.