XM සහ BenihBaik අසරණ පුද්ගලයින්ට සහාය වෙයි

පළ කළ දිනය: 18/01/2024 14:29 GMT. වැඩිදුරටත් කියවන්න CSR

පෙන්ගිලිංගන්හි අවශ්‍යතා සහිත පවුල්වලට උපකාර වීම පිණිස අපි මෑතකදී ඉන්දුනීසියාවේ BenihBaik සමග අත්වැල් බැඳ ගත්තෙමු.

එහිදී නැගෙනහිර ජකර්තාවේ, කැකුං දිස්ත්‍රික්කයේ පෙන්ගිලිංගන්හි සිටින අසරණ පවුල් 50කට සහල්, ආහාර පිසින තෙල්, තේ, සීනි, කෝපි, ටින් මාළු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 50ක් ලබා දෙන ලදි. එය සද්භාවයෙන් සිදුකළ ක්‍රියාවකි.

නිවැරදි ඉලක්කවලින් යුතුව ඉහළම සමාජීය බලපෑමක් සිදුවන බව තහවුරු කරන බැවින් මෙවැනි ආයතනික සමාජ වගකීම් ඉටුකරන BenihBaik හි උපකාරය නොමැතිව මෙවැනි කාර්යයක් ඉටු කළ නොහැකි වනු ඇත.

කැකුං දිස්ත්‍රික්කය නැගෙනහිර ජකර්තාවේ වැඩිම දුප්පත් පවුල් ජීවත්වන ප්‍රදේශය වන අතර අප විසින් සිදු කරන ලද උපකාරයෙන් ආහාර සැපයීමකට වැඩි සේවාවක් ගෙන ආ බැවින් එය අපගේ සතුටට කරුණකි. එය ඔවුන්ට සිය හෙට දිනය පිළිබඳ දොම්නසකින් තොරව බලාපොරොත්තු සහගත අයුරින් සිටීමට හේතු සාධක විය.

නැගෙනහිර ජකර්තාවේ, කැකුං දිස්ත්‍රික්කයේ, පෙන්ගිලිංගන්හි 2023 නොවැම්බර් 25 දින පැවති මෙම අවස්ථාව XM විසින් ලොවපුරා අඛණ්ඩව සිදු කරන සාමාජීය මෙහෙවර විදහා දක්වන තවත් එක් සන්දිස්ථානයකි.