XM අනාත දරුවන් සමග සාප්පු සවාරියේ යෙදෙයි

පළ කළ දිනය: 02/05/2023 14:07 GMT. වැඩිදුරටත් කියවන්න CSR

මාර්තු 11 වන දින මධ්‍යම ජකර්තාහි Transmart Cempaka Putih හි “අනාත දරුවන් සමග සාප්පු සවාරියේ යෙදීමේ” වැඩසටහන සංවිධානය කිරීමට ඉන්දුනීසියාවේ Human Initiative සමග අපි අත්වැල් බැඳ ගත්තෙමු. අන්‍යෝන්‍ය වශයෙන් අපගේ ඉලක්කය වූයේ එම ප්‍රදේශයේ ජීවත් වන දෙමව්පියන් අහිමි දරුවන්ට ඇති මූල්‍යමය බර ලිහිල් කිරීමයි.

සමස්තයක් වශයෙන්, Human Initiative විසින් සහාය ලබන පාසල් 4ක අනාත දරුවන් 30 දෙනෙකුට අපි සාප්පු සවාරියේ යෙදීමට වවුචරපත් ලබා දුන්නෙමු. ඒ SDIT Al Amanah හි 10ක්, SDIT Al Mubarok හි 5ක්, SDIT Perjuanganku හි 5ක් සහ SDIT Tunas Muda හි 10ක් වශයෙනි. පාසල් උපකරණ, ඇඳුම් පැළඳුම් හෝ ආහාරපාන වැනි තමන්ට වඩාත්ම අවශ්‍ය භාණ්ඩ නිදහසේ තෝරා ගැනීමට ඔවුන් සියලු දෙනාට අවස්ථාව හිමි විය.

මෙම මුල පිරීම දුෂ්කර අවස්ථාවන්ට මුහුණ පා සිටින ළමුන් ඇතුළු උපකාරය වැඩියෙන්ම අවශ්‍ය කරන පුද්ගලයින්ට සහාය සැලසීමේ අපගේ අඛණ්ඩ උත්සාහයේ එක් කොටසකි. මෙවැනි සුළු කර්තව්‍යකින් පවා යම් වෙනසක් ඇති කර ඔවුන්ගේ මුහුණුවලට සිනහවක් එක් කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු!

අපගේ හවුල්කරු වන Human Initiative යනු රටවල් 13කට අධික ප්‍රමාණයක ස්වේච්ඡා සේවකයින් 3,000කට අධික සංඛ්‍යාවක් සිටින ඉන්දුනීසියානු පුණ්‍යායතනයකි. එය සමාජ වැඩසටහන් සඳහා යුරෝපානු සංගමයේ හවුල්කාර ආයතනයක් ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සමාජ කවුන්සිලයේ විශේෂ උපදේශන තත්ත්වය සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසත් ලියාපදිංචි වී ඇත. ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සහ පරිත්‍යාගයන් මෙතනින් සිදු කළ හැකිය.