Médecins Sans Frontières වෙත XM සහාය සපයයි

පළ කළ දිනය: 07/02/2023 16:22 GMT. වැඩිදුරටත් කියවන්න CSR

අපගේ ආයතනික සමාජ වගකීමේ කොටසක් වශයෙන් සහ ලොව පුරා සිටින අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත උපකාර කිරීම සඳහා අපි මෑතකදී Médecins Sans Frontières (MSF) වෙත පරිත්‍යාගයක් සිදු කළෙමු.

මෙය අපගේ 48වන සහ 2022 වසරේ අවසාන ආයතනික සමාජ වගකීම වූ අතර MSF සඳහා අපගේ සහයෝගය අඛණ්ඩව සපයයි.

සෑම දිනකම අපගේ පුවත් යුද්ධය, ගැටුම්, ස්වභාවික විපත් මෙන්ම මිනිසුන්ට පීඩා විඳීමට සිදුවන සහ ක්ෂණික වෛද්‍ය උපකාරය අවශ්‍ය කරන සිදුවීම්වලින් අඩුවක් නොමැතිව පිරී පවතී. ඇතැම් විට, සනීපාරක්ෂක පද්ධති හෝ ආරක්ෂිත පානීය ජලය සැපයීම වැනි අප විසින් සුළු කොට තකන මූලික සේවාවන් වෙත ප්‍රවේශය ඔවුන්ට අහිමි වේ. අපි කම්පනය සහ ශෝකයෙන් යුතුව ප්‍රතිචාර දක්වන අතරතුර MSF උපකාර කිරීමට ක්‍රියා කරයි.

MSF යනු අවශ්‍ය ඕනෑම ස්ථානයකට ආධාර සලසන ගෝලීය වශ‌යෙන් පවතින මානව හිතවාදී වෛද්‍ය සංවිධානයකි. ඔවුන්ගේ ක්‍රියාවන් වෛද්‍ය ආචාර ධර්ම සහ ස්වාධීනත්වය, මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය සහ වගවීම යනාදියෙන් මෙහෙයවනු ලබයි. එය අපගේ ආයතනික සමාජ වගකීම් මෙහෙවර වන ලොව පුරා අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීම සමග සමීපව සම්බන්ධ වන දැක්මකි.

MSF සෞඛ්‍ය වෘත්තිකයින්, සැපයුම් සහ පරිපාලන කාර්ය මණ්ඩලයේ 30,000කට අධික සංඛ්‍යාවක් ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක දෛනික පදනමින් වැඩසටහන් කෙරෙහි සිය දායකත්වය සපයයි.

අපගේ පරිත්‍යාගය, 1990 දී ආරම්භ කරන ලද MSF හි ග්‍රීක ශාඛාව වෙත ලබා දෙන ලදි. එතැන් සිට, එහි සාමාජිකයින් සිය ගණනක් සිරියාව, හයිටි, පලස්තීනය, රුවන්ඩාව, ඉතියෝපියාව සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල විවිධ කාර්යයන් වෙනුවෙන් සහභාගී වී ඇත. සරණාගතයින්ට සහ සංක්‍රමණිකයින්ට මානුෂීය වෛද්‍යාධාර සැපයීම, අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට මූලික සෞඛ්‍ය සේවා සැලසීම මෙන්ම මහජනතාව දැනුම්වත් කිරීමට උපකාර කිරීම ග්‍රීසියේ MSF මැදිහත්වීම්වලට ඇතුළත් වේ.

MSF පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සහ පරිත්‍යාගයක් සිදු කිරීම ඔබට මෙතනින් සිදු කළ හැකිය.