XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

පක්ෂපාතීත්වය සම්බන්ධ නිතර යොමුවන ගැටලු

මට පක්ෂපාතීත්ව තත්ත්වය හිමි වන්නේ කෙසේද?

ප්‍රථම වරට ඔබේ ගිණුමට මුදල් බැර කළ පසු සහ එක් වෙළඳාමක් අවසන් කළ පසු ඔබේ පක්ෂපාතීත්ව තත්ත්වය සක්‍රිය කෙරෙනු ඇති අතර එය ආරම්භක Executive මට්ටමට සැකසෙයි.

මගේ පක්ෂපාතීත්ව තත්ත්වය උසස් කෙරෙනුයේ කෙසේද?

  • වෙළඳාමේ දින 30කින් පසු Executive මට්ටම Gold මට්ටමට උසස් කෙරේ
  • වෙළඳාමේ දින 60කින් පසු Gold මට්ටම Diamond මට්ටමට උසස් කෙරේ
  • වෙළඳාමේ දින 100කින් පසු Diamond මට්ටම Elite මට්ටමට උසස් කෙරේ

පක්ෂපාතීත්ව තත්ත්ව වෙනස් වන්නේ කෙසේද?

තත්ත්වයන් අතර වෙනස පවතින්නේ වෙළඳාම් කිරීමෙන් ඔබට උපයා ගත හැකි XMP ප්‍රමාණය තුළය.

  • Executive මට්ටම = සම්පූර්ණ කරන ලද සම්මත වෙළඳාමකට XMP 7
  • Gold මට්ටම = සම්පූර්ණ කරන ලද සම්මත වෙළඳාමකට XMP 10
  • Diamond මට්ටම = සම්පූර්ණ කරන ලද සම්මත වෙළඳාමකට XMP 13
  • Elite මට්ටම = සම්පූර්ණ කරන ලද සම්මත වෙළඳාමකට XMP 16

තත්ත්වය අහිමි වීමට හැකියාවක් තිබේද?

අක්‍රීයව තැබෙන නිශ්චිත කාලයකට පසුව ඔබේ XMP හි කාලය ඉකුත් වන අතර ඔබේ පක්ෂපාතීත්ව තත්ත්වය Executive මට්ටමට සැකසෙනු ඇත.

  • දින 30ක අක්‍රීය කාලයකින් පසු Gold තත්ත්වය යළි පිහිටුවනු ලැබේ
  • දින 60ක අක්‍රීය කාලයකින් පසු Diamond තත්ත්වය යළි පිහිටුවනු ලැබේ
  • දින 100ක අක්‍රීය කාලයකින් පසු Elite තත්ත්වය යළි පිහිටුවනු ලැබේ

XMP යනු කුමක්ද?

XMP මගින් අදහස් වන්නේ කාලයත් සමග එකතු විය හැකි සහ ක්‍රෙඩිට් බවට හැරවිය හැකි XM පොයින්ට්ස් යන්නයි. ඔබේ පක්ෂපාතීත්ව තත්ත්වය ඉහළ යන විට, ඔබට වැඩි අනුපාතයනික් XMP ඉපැයීමට හැකියාව ලැබේ.

මම XMP ලබා ගන්නේ කෙසේද?

ඔබ වෙළඳාම් කරන විට ස්වයංක්‍රීයව XMP හිමිවේ. ඔබේ වත්මන් පක්ෂපාතීත්ව තත්ත්වය මත පදනම්ව ඔබ සිදු කරන එක් එක් සම්පූර්ණ වෙළඳාමකට XMP 7, 10, 13 හෝ 16 හිමිවේ. ඔබේ පක්ෂපාතීත්ව තත්ත්වය උසස් වන තරමට, ඔබට වැඩි ක්‍රෙඩිට් පොයින්ට්ස් ප්‍රමාණයකට ප්‍රවේශය ලබා දෙමින්, ඔබේ ගනුදෙනු මත ඔබට XMP රැස් කර ගත හැකි අනුපාතය වැඩි වේ.

XMP හි වටිනාකම කුමක්ද?

උදාහරණයක් වශයෙන්, ඔබට XMP 1,200ක ශේෂයක් තිබේ. මෙය වෙළඳාම සඳහා භාවිත කළ හැකි ක්‍රෙඩිට් $400ක් ලෙස නිදහස් කර ගත හැකිය.

ක්‍රෙඩිට්

ගණනය කිරීම:
XMP ÷ 3 = ඔබට ලබා ගත හැකි ක්‍රෙඩිට් පොයින්ට්ස් ප්‍රමාණය

මූලික උදාහරණය:
XMP 1,200 ÷ 3 = $400

මට එයින් සිදු කළ හැක්කේ කුමක්ද?
එය වෙළඳාම් කරන්න, ආපසු ලබා නොගන්න.

මට XMP ක්‍රෙඩිට් ලෙස නිදහස් කර ගත හැක්කේ කෙසේද?

සාමාජික අවකාශයේ නිවස්න පිටුවෙන් ඔබට ඔබේ වත්මන් XMP ශේෂය සහ එයට සමාන ක්‍රෙඩිට් වටිනාකම නැරඹිය හැකිය. එහිදී "දැන් නිදහස් කරන්න" යන බටනය ක්ලික් කර විට ඔබට කොපමණ XMP ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍යද යන්න සඳහන් කළ හැකි පිටුවකට ඔබට නැවත යොමු කරනු ලැබේ. ඔබේ ක්‍රෙඩිට් වෙළඳ කටයුතු සඳහා භාවිත කළ හැකි වන ලෙස ඔබේ වෙළඳ ගිණුමට තැන්පතු කරනු ලැබේ.

කිසියම් සීමා කිරීම් පවතින්නේද?

ඔබට වෙළඳ ක්‍රියාකාරකම් සඳහා භාවිත කළ හැකි පරිදි ඔබේ XMP ක්‍රෙඩිට් බවට පත් කළ හැකිය. එම ක්‍රෙඩිට් භාවිතයෙන් උත්පාදනය කර ගන්නා ලද ඕනෑම ලාභයක් ඕනෑම මොහොතක ආපසු ගත හැකි නමුත් කිසියම් මුදල් ආපසු ගැනීමක් ක්‍රෙඩිට් සමානුපාතිකව ඉවත් කිරීමට හේතු වන අතර එය ලබා ගැනීම සඳහා අදාළ XMP නිදහස් කරනු ඇත.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.