XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM VPS

XM හි ක්‍රියාකාරීත්වය සහ ඔබේ Expert advisors මගින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න

  • ඔබේ වෙළඳාම්වල වේගය වැඩි කිරීම
  • ප්‍රකාශ තන්තු සම්බන්ධතාව අත් විඳීම
  • ඕනෑම ස්ථානයක සිට ප්‍රවේශ වීමට හැකිවීම
  • 24/7 මාර්ගගතව පැවතීම
  • Expert advisors සඳහා වඩාත් යෝග්‍ය වීම
  • නවීනතම දෘඩාංග

ඉතා වේගවත් සම්බන්ධතාවක් හරහා කඩිනමින් වෙළඳාම් ක්‍රියාත්මක කෙරෙන XM VPS

ප්‍රකාශ තන්තු සම්බන්ධතාව සමගින්, ලන්ඩනයේ අපගේ දත්ත මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 1.5ක් දුරින් පිහිටි අතථ්‍ය පුද්ගලික සේවාදායකයට දුරස්ථව සම්බන්ධ වීමට XM VPS ඔබට ඉඩ සලසයි. මෙම සේවාවෙන් ප්‍රයෝජන ගැනීම ඔබට අන්තර්ජාල සබඳතාවල වේගය, පරිගණකවල බිඳ වැටීම් සහ විඳුලි බිඳ වැටීම් වැනි ඵලදායී ලෙස වෙළඳාම් කිරීමට ඔබට ඇති හැකියාවට බාධා කරන සාධක පිළිබඳ කරදර නොවෙමින්, XM හි අසමසම ක්‍රියාත්මක කිරීමේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලසයි.

XM VPS හරහා, ඔබට ඒවා නිරීක්ෂණය කිරීමට හෝ ඔබේ පරිගණකය ක්‍රියාත්මක කර තැබීමට පවා අවශ්‍ය නොවී, ඔබේ expert advisors හට නොනවත්වා වැඩ කිරීමට හැකි වනු ඇත. XM VPS සේවාව ඔබට 2.5 GB RAM, 30 GB දෘඪ තැටි ධාරිතාවක් සහ 1vCPU සමගින් Windows Server 2022 සඳහා ප්‍රවේශය ලබා දෙයි.

VPS සඳහා ඉල්ලුම් කළ හැක්කේ කාටද?

ඔබට සෑම ලිත් මසකම පළමු දිනයේ ඔබේ MT4/MT5 ගිණුමෙන් ස්වයංක්‍රීයව අඩු වන පරිදි මාසික ගාස්තුවක් වශයෙන් අය කර ගනු ලබන USD 28ක මුදලකට සාමාජික අවකාශයේ XM VPS සඳහා ඉල්ලීම් කළ හැකිය.

ඔබේ VPS වෙත සම්බන්ධ වන්නේ කෙසේද?

පියවර 1

Start බටනය ක්ලික් කර ඩයලොග් බොක්සිහි "Remote Desktop Connection” ලෙස ටයිප් කරන්න. ඔබට ප්‍රතිඵල දැක ගැනීමට හැකි වන විට remote desktop connection සඳහා ඇති විකල්පය මත ක්ලික් කරන්න.

පියවර 2

Remote Desktop Connection වින්ඩෝවෙන්, ඔබට සපයා ඇති XM VPS IP ලිපිනය ටයිප් කර “Connect” බටනය ක්ලික් කරන්න.

පියවර 3

XM VPS වෙත සම්බන්ධ වීමට ඔබේ VPS වෙත ප්‍රවේශ වීමේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කරන්න.

පියවර 4

පළමු වතාවට සම්බන්ධ වීමේදී, ඕනෑම සම්මත අනතුරු ඇඟවීමක් නොසලකා ඔබ සම්බන්ධ වීමට අපේක්ෂා කරන බව තහවුරු කිරීමට අවශ්‍ය කෙරෙන ආරක්ෂිත සිහි කැඳවීමක් ඔබට ලැබිය හැකිය.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.